ලෝක වාර්තා තබමින් පරාජය වූ හැටි ගැන දවස් 5න් කියන්න

253

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළමනාකරුට දැනුම් දෙයි

ඉන්දියාව සමග පෙරේදා (15වැනිදා) පැවති එක්දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 317ක දැවැන්ත පරාජයක් අත්වීම සම්බන්ධයෙන් දින 5ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායමේ කළමනාකරු වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්, තේරීම් කමිටුව සහ කළමනාකරුගේ අදහස් එම වාර්තාවට ඇතුළත් විය යුතු බව ද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලද එම පරාජය ලෝකයේ දැවැන්තම එක්දින තරඟ පරාජය ලෙස වාර්තා වූ අතර ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදී රැස් කරන ලද ලකුණු 390ට පිළිතුර ලෙස

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනා ලකුණු 73කට දැවී ගියහ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරඟය ලෙස එම තරගය පැවති අතර ඒ අනුව ශ්‍රී ලංකාව එම තරඟාවලිය 3-0ක් ලෙස පරාජයට පත් වූයේය.

ඉන්දියාව ලබා දුන් දැවැන්ත ඉලක්කය පසුපස ගිය ශ්‍රී කණ්ඩායමේ ඉනිම පන්දු වාර 20 ක් ඇතුළත නිමා විය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment