නිශාන් මදුෂ්ක තවත් ශතකයක් සොයයි

188

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවන දිනය වූ ඊයේ (09දා) දිනය නිමා වන විට දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 202ක් ලබා සිටියේය.

එහි දී යළිත් වරක් විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් සිටි ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක නොදැවී ලකුණු 84ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 67ක් ලබා ගත්තේය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පළමු සිවුදින තරගයේ දී ද්විත්ව ශතකයක් ලැබූ නිශාන් මධුශ්ක මෙම තරගයේ පන්දු 118ක් තුළදී තම ඉනිම සඳහා හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි.

චාමික කරුණාරත්න කඩුලු හතරක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගැනීමත් සමඟ එංගලන්ත ලයන්ස් ඉනිම ලකුණු 405කට නිමා වූයේය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට පෙරේදා දින නොදැවී ලකුණු 86ක් ලබා සිටි ජේමී ස්මිත් ඊයේ සමත් වූයේය.

ඇලෙක්ස් ලීස් ලකුණු 97 ක ට දැවී
ගිය අතර මැතිව් ෆිෂර් ලකුණු 35ක් ලබා ගත්තේය.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 59 කට කඩුලු දෙකක් ද, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 113කට එක් කඩුල්ලක්ද දවා ගත්තේය

advertistmentadvertistment
advertistmentadvertistment