උපයන විට බද්දෙන් බිලියන 100 ක් හොයන්න බෑ!

116

උපයනවිට බද්ද ඉවත් කළොත් රුපියල් බිලියන 100ක් අහිමි වන බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් මෙම බද්දෙන් එවැනි මුදලක් සොයාගත නොහැකි බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

උපයනවිට බද්දෙන් රුපියල් බිලියන සියයක් ලැබෙන ආකාරය පෙන්වන ලෙස ජනපතිවරයාට අභියෝග කරන බවද ඒ මහතා ඊයේ (09දා) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී කීය.

ඒ වගේම උපයනවිට බද්ද පැනවීමේ සීමාව රුපියල් ලක්‍ෂ 02 දක්වා ඉහළ දැමුවොත් රුපියල් බිලියන 63ක් අහිමි වන බවට ද ජනපතිවරයා ප්‍රකාශ කළ බවද මේ ප්‍රමාණයන් හැදෙන ආකාරය පිළිබඳව විවෘත සාකච්ඡාවකින් හෙළිදරව් කළ යුතු බව ද විද්වත් වෘත්තිකයන් ද කැඳවා මුදල් කාරක සභාව හරහා මේ විශ්ලේෂණය කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment