කිරි දරුවාගේ හැඩිල්ලෙන් එල්ලී මිය ගිය මව හමුවේ

587


එල්ලී මියගොස් ඇතැයි සැක කරන 22 හැවිරිදි මවකගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක දරුවෙකු දිගින් දිගටම හැඩීම නිසා එම මවගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වූ පුවතක් ගම්පොල පුපුරැස්ස පොලිස් වසමෙන් අසන්නට තිබේ.

පුපුරැස්ස ඩේල්ටා වත්ත උතුරු කොටසේ මවක් මෙසේ මියගොස් තිබුණි.

එස්. ස්වර්ණා නැමති මෙම මව නිවස තුළ කිසිවකුත් නොමැති අවස්ථාවක රෙදි කැබැල්ලකින් නිවස තුළ එල්ලී මිය ගොස් තිබී ඇත්තේ කැසට් රෙකෝඩරය ද මහ හඬින් දමාගෙනය.

එයින් නැගෙන ගීත හඩ පරයමින් කුඩා දරුවකු බොහෝ වේලාවක් හඬන අයුරු ඇසුනු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාව වහලයේ එල්ලී සිටින අයුරුත් දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන හඬන අයුරුත් දැක අවට සිටින පිරිස හට ඒ බව දන්වා ඇත.

ඔවුන් පැමිණ වහාම රෙදි පොට කපා ඇය බිමට ගෙන එම වත්තේ වෙද්‍යවරියට මෙය දැන්වීමෙන් පසු ඇය පැමිණ මෙම කාන්තාව මිය ගොස් ඇති බව දන්වා තිබේ.

ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක් ද හමුවී ඇත.

රත්තරන් ඔයා පරිස්සමට මම යනවා මීට මමා යැයි එහි සඳහන්ව කර තිබේ.

මෙම කාන්තාවගේ සැමියා එම වත්තේ සේවකයකු වන අතර ඔහු මෙම මරණයට හේතු නොදන්නා බව පවසා ඇත.

ගම්පොල වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙනිය රෝහල වෙත රැගෙන යන ලෙස දන්වනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment