අර්බුද මැද නිම්හිම් තිරගත වූ හැටි – සමන් හෙළි කරයි

124

සමන් අලංකාර කියන්නෙ සිනමා කර්මාන්තයට හුරුපුරුදු කෙනෙක් නොවෙයි. නමුත් පුංචි තිරය හරහා ටෙලි නාට්‍ය රැුසක ඔහුගේ රංගන කුසලතාව ඔබ දැක ඇති. තමන්ගේ පළමු වැනි සිනමා නිර්මාණය වන ‘නිම්හිම්. තිරගත වන මොහොතක සමන් අපිට කිව්වේ වෙනස්ම කතාවක්. ඒ ගැන ඔබට කියන්න මීවිත මේ ඉඩකඩ සමන්ට වෙන් කළා.

 * සමන් සිනමා කර්මාන්තයට යොමුවෙන්නෙ ඇයි?

 ලංකාවේ මිනිසුන් අතර තිබෙන ප‍්‍රශ්න වැඩිවෙන කාලයක් මේක. මේ අතර කලාව නිසියාකාරව පවත්වාගෙන ගියොත් මිනිස්සු තමන්ගේ ප‍්‍රශ්න දරාගන්න පුළුවන් තත්ත්වයකට එනව. ඒක හොරකම්” මැරකම්”  වගේ දේවල් වලට හොඳ විසඳුමක්. ඒ වෙනුවෙන් තමයි මම කලාවට යොමු වෙන්නෙ.

 * රංගන ශිල්පියෙක් හැටියට සමන්ට ලැබෙන ප‍්‍රතිචාර මොනවගේද?

 ඇත්තටම රංගන ශිල්පියෙක් හැටියට මට බොහොම හොඳ ප‍්‍රතිචාර මේ වන විට ලැබෙනව. මිෂෙල් ෆොන්සේකා අධ්‍යක්‍ෂවරයාට ඒ ගැන මම ස්තූතිවන්ත වෙන්න ඕනා නිර්මාණයට මාව තෝරා ගැනීම වෙනුවෙන්.

 * චිත‍්‍රපටයේ නිෂ්පාදක වෙන්නෙ රඟපෑමේ අරමුණින්ද?

 මට නිර්මාණයක් හරහා කලාවට පැමිණීමේ අවශ්‍යතාව තිබුණා. නමුත් ඒ හරහා රඟපෑමේ අරමුණත් තිබුණෙ නැහැ.

 * රටේ පවතින තත්ත්වයත් එක්ක නිම්හිම් චිත‍්‍රපටයට ජනතා ආකර්ෂණයක් තියෙනවද?

 මේ චිත‍්‍රපටයෙ තියෙන්නෙ ආදරය තේමා වුණ කතාවක්. ඒ නිසා පේ‍්‍රක්‍ෂක ආකර්ෂණය ලැබීම යහපත් මට්ටමක තියෙනව. කොහොම වුණත් නිර්මාණයක් කළාට ඒක ප‍්‍රදර්ශනයේදී ගැටලූ බොහොමයකට මුහුණ දෙන්න අපිට සිදුවෙනවා. චිත‍්‍රපට ශාලා අපිට ලැබුණෙ ඉතා අඩු ප‍්‍රමාණයක්. චිත‍්‍රපට සංස්ථාවෙන් පවා අපිට ප‍්‍රශ්න මතු වුණා.

 * චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වසර ගණනාවක් ප‍්‍රමාද වුණා?

 අපි නිර්මාණය ප‍්‍රදර්ශනය කරන්න අදහස් කළේ චිත‍්‍රපට සංස්ථාව හරහා. පෙළගැස්මේ ආසන්නයටම ආවත් නිලධාරී මාරුවෙන් නැවතත් වෙනස්වීමකට ලක් වුණා. එතනින් පස්සෙ අපේ නිර්මාණය ඉවත් කළා. එතනට පත්වන අයගෙ උවමනා එපාකම්වලට තමයි නිර්මාණ පෙළගස්වන්නෙ. අධ්‍යක්‍ෂවරු කියල පිරිසක් ඉන්නවා. මම දන්නෙ නැහැ ඒ අයගෙ දැනුම කොතැනද තියෙන්නෙ කියල. ඒ අය හොඳ නැහැ කිව්වොත් නිර්මාණය ඉවත් වෙනව. ඇතැම් නිලධාරීන් ඉන්නව චිත‍්‍රපටය දැකලවත් නැහැ. නමුත් හොඳ නැහැ කියනව. සංස්ථාව ඇතුළෙම පිරිසක් කියනව අපේ නිර්මාණය බොහොම හොඳයි කියල. තවත් පිරිසක් කියනව හොඳ නැහැ කියල.

අර්බුද මැද නිම්හිම් තිරගත වූ හැටි - සමන් හෙළි කරයි



 * නිම්හිම් චිත‍්‍රපටයට කැපිලි කෙටිලි තිබුණද?

 ඔව්. ගොඩාක් තිබුණ. පළමුවැනි වතාවෙ මම එක හෝල් එකක චිත‍්‍රපටය ලෝඞ් කරන්න ගියා. එතනදි බාගෙට ලෝඞ් වෙනකොටම කෙනෙක් ඇහුව මේ ගංගු රොෂානා ඉන්න චිත‍්‍රපටය නේද කියල. මම ඔව් කිව්වා. ඔහු කියනව එහෙම නම් ඒක අපේ හෝල් එකේ දාන්න බැහැ අපිට ගංගුත් එක්ක ප‍්‍රශ්නයක් තියෙනව කියල. හෝල් දෙකකදි මට ඒ ප‍්‍රශ්නය මතු වුණා.

 * ඔබ යෙදවූ මුදල් අපතේ ගියා කියල තියෙනවද?

 මම එහෙම හිතන්නෙ නැහැ. කොවිඞ් වසංගතය නිසා පේ‍්‍රක්‍ෂකයන් බොහොම අඩු පිරිසක් තමයි එන්නෙ. දැනට තිබෙන තත්ත්වය නම් හොඳයි. සිනමා ශාලා ටිකක් වැඩි වුණොත් ආදායම වැඩිකරගන්න පුළුවන් වේවි.

 * මේ තරම් ගැටලූ මැද ඔබ තවත් නිර්මාණයකට අතගහල තියෙනව?

 ඔව්. ඒක ළමා චිත‍්‍රපටයක්. ආදරය කියන්නෙ මිනිස්සුන්ට ජීවත් වීමට අවශ්‍ය ආභරණයක්. ඒ ආභරණය වටා තමයි අලූත් කතාවත් ගෙතෙන්නෙ. ඉදිරියේදී මේ නිර්මාණයටත් පෙර වගේම තත්ත්වයක් උදාවේවිද දන්නෙ නැහැ. නමුත් ආසාවට කළ නිර්මාණ නිසා යථාකාලයේදී ඒකත් ප‍්‍රදර්ශනය කරන්න අදහස් කරනව.

 * මේ නිර්මාණයේ පිරිස ගැන කතාකළොත්?

 චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ගැන කතා කළොත් මේ ඔහුගේ පළමුවැනි නිර්මාණය. මහේන්ද්‍ර පෙරේරා” කුමාර තිරිමාදුර” ජනක කුඹුකගේ” දුලානි අනුරාධා” අනුරුද්ධිකා පාදුක්කගේ” උමයංගනා වික‍්‍රමසිංහ” රයන්” දයා වයිමන් වගේ ප‍්‍රවීණ රංගන ශිල්පීන් මීට දායක වෙනවා.

 * ඔබේ චරිතය?

 මමත් මේ නිර්මාණයේ පොලිස්

 ස්ථානාධිපතිවරයකුගේ චරිතයට රංගනයෙන් එකතු වෙනවා.

 * ළඟදී ගීතයක් නිර්මාණය කළා නේද?

 ඔව්. එක මම ආසාවට කළ දෙයක්. මේ මාසයේ 31 වැනිදා සවස 03.00ට අලංකාර ෆිල්ම්ස් කියන යූටියුබ් චැනල් එක හරහා එළිදක්වනවා.

 * ලංකාවේ කලා ක්‍ෂේත‍්‍රය අද තිබෙන්නෙ

 මොනවගේ තැනකද?

 ඇත්තටම ඒ ගැන සතුටු වෙන්න බැහැ. නැතිවේගෙන යන කලාව රැුකගන්න ශිල්පීන් වගේම පාලකයන් අදට වඩා කැපවීමක් කළ යුතු වෙනවා. එහෙම නොකර අපි නිර්මාණයක් කළාට ලැබෙන ප‍්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවෙන් චිත‍්‍රපට

 සංස්ථාවට මනා අවබෝධයකින් යුතු නිලධාරීන් පත්කළ යුතු වෙනවා වගේම සිනමා ශාලා නඩත්තුවට නිසි ක‍්‍රමවේදයක් සකස් කරන්න ඕනා කියන එකයි මගේ අදහස. ඒ වගේම නාට්‍ය හා රංග කලාව ඉගැන්වීමේ පාසල් සඳහා ඒ සම්බන්ධයෙන් සුදුසුකම් ඇති පුද්ගලයන්ට පමණක් අවසර දෙනවා නම් ඒවායින් බිහි වන ශිල්පීන් සියලූ දෙනාත් නියම සුදුසුකම් ඇති අය වන බවටත් මම විශ්වාස කරනවා.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment