ආහාර හිඟයක් නෑ: අළුත්ගමගේට ‘ෂුවර්’

199

රටේ ආහාර හිඟයක් ඇති නොවන බවත්, ආහාර හිඟයක් ඇතිවන බවට ඇතැම් පිරිස් පළ කරන අදහස් පිළිගත නොහැකි බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා සඳහන් කළේය.

ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙවර මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් වුවහොත් අඩුවන්නේ සියයට 25ක් 30ක් පමණක් බවත් ඇමැතිවරයා පැවැසීය.

මහ කන්නයේ හෙක්ටයාර් 1කින් මෙටි‍්‍රක් ටොන් 3.5ක පමණ අස්වැන්නක් අපේක්ෂා කරන බව පැවසූ ඇමැතිවරයා ඒ අනුව ආහාර හිඟයක් ඇතිවීමට ඉඩක් නැතැයි ද කීවේය.

එළවළු ඇතුළු අනෙකුත් භෝග සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමට අවසර දී ඇති බව ද, එම පොහොර තොග ජනවාරි මාසයේ ලැබීමට නියමිත බැවින් ඒවායේ හිඟයක් ද ඇතිවීමට ඉඩක් නැති බව ද හෙතෙම පැවැසීය. දිවයින පුරා පළාත් කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන් හා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මහ කන්නයේ සෑම දිස්ත‍්‍රික්කයකම කුඹුරු ඉඩම් සියයට 90ක් 95ක් වගා කර තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment