අයි.එම්.එෆ් සාර්ථකත්වය ව්‍යුහාත්මක වෙනස්කම් මත

87

දිගු කාලයක සිට නොසලකා හරින ලද ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රශතිය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ සාර්ථකත්වය බොහෝ දුරට රඳාපවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාවෙන් (2022) අවධාරණය කර ඇත.

මෙම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් ආර්ථිකයේ තරග කාරීත්වය ඉහළ නැංවීම, ඵලදායිතාව ඉහළ නැංවීමට පදනමක් සැපයීම සම්පත් භාවිත කිරීමේ කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සහ එමගින් වර්ධන විභවතාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කරන බවද මහ බැංකු වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයෙන් ඔබ්බට ගිය පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කර සම්පාදනය කරන ලද හා පෞද්ගලික වුවමනාවන් සහිත දේශපාලන බලපෑම්වලින් තොර ජාතික ප්‍රතිපත්ති හරහා ඉදිරියේ දී ඇති දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු තිරසාර ලෙස විසඳීමේ වැදගත්කම ඉස්මතු කරන බවද මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment