ශ්‍රී ලංකාවේ රජයන් ‘ෆේල්’ – මහ බැංකු වාර්තාව කියයි

101

තිරසාර ආර්ථික ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට පැවති රජයන් අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාව (2022) පෙන්වා දෙයි.

මේ අනුව දශක කිහිපයකට පෙර සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් වඩාත්ම ඉදිරියෙන්ම සිට රාජ්‍යයක සිට වර්තමානය වන විට අර්බුද රාශියකින් අත්මිඳීම සඳහා ප්‍රයත්න දරන රටක් දක්වා ශ්‍රී ලංකාව පත්ව ඇති බව ද එහි සඳහන් වේ.

නිදහසින් පසු බොහෝ ක්‍රියා මාර්ග ගනු ලැබුවද ශක්තිමත් සහ ස්ථාවර ජාතික ප්‍රතිපත්ති රාමුවක් නොමැතිකම හේතුවෙන් රට සංවර්ධනය වීමේ දුෂ්කරතාවලට මුහුණ දුන් බව ද මහ බැංකු වාර්තාව කියයි.

ආර්ථිකය මුහුණදී සිටින අභියෝග සහ දිගුකාලීන ගැටලු විසඳීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අදාළ බලධාරීන් විසින් දුෂ්කර විය හැකි, එහෙත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රාශියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවද මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment