ධන ධාන්‍ය විනාශ වී රෝග, බිය, අසමගිය ඇති කරවන ප්‍රධාන දොරේ වේධ දෝෂ 18 මෙන්න

172

බ්‍රහ්ම වේද දෝෂ කීප ආකාරයකින් බලපාන අතර මෙහිදී බලපාන්නේ ප්‍රධාන ද්වාරයට කෙලින් බ්‍රහ්ම පාදය පෙනෙන ලෙසින් පිහිටීම වේ. බ්‍රහ්ම පාදයේ මාධ්‍ය රේඛාව ප්‍රධාන දොර ජේදනය වීමයි. එයම තවත් නිවසක හරි මැද පිහිටි දොරටුවකට වැටීම ද එනම් නිවසේ ප්‍රධාන උළුවස්ස අනෙක් යාබද නිවසක උළුවස්සට එකිනෙකට ඍජුව වැටීම ද බ්‍රහ්මවේද දෝෂය වේ. සතුරු බිය. කීර්තිය යන හානිය උසස් අයගේ සබඳතාවන් බිඳ වැටීම මේ දෝෂය තුළින් ඇති වේ.

වේදවීමක් යනු බාධාවක් ඇති වීමයි. නිවසක ප්‍රධාන ද්වාරය තුළින් නිවසේ සිට බාහිර සමාජ සමග කරන සබඳතා මෙහිදී ආර්ථික, සමාජික, සංස්කෘතික සියල්ල සඳහා නිවසින් පිටතට ගමන් කිරීමත්, පිටතින් ඉහත කරුණ නිවස තුළට ගෙන ඒමත් සිදුවන්නේ නිවසක ප්‍රධාන දොරින් පිටත් වීමෙන් හා ප්‍රධාන දොරින් ඇතුළු වීමෙනි. මෙම සියලු කටයුතුවල අවසාන ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවන්නේ එම නිවසේ පදිංචි නිවැසියන්ටමයි. සමහරවිට එය සතුට, නිරෝගිකම වැඩිවීමක් ලෙසින් ද සමහර විට එය දුක, වේදනාව, රෝගී වීම ඇති වන්නක් ලෙසින් ද බලපායි. ඒ සියල්ල සිදුවන්නේ එනම් ගෘහ මූලිකයාගේ ආර්ථිකය, විවාහය, පෞරුෂත්වයට හේතු වන ප්‍රධාන ද්වාරය බාධාවකින් තොරව පැවතීමෙනි. මොනවා ද මේ ප්‍රධාන දොර මෙච්චරට බාධා වන හෙවත් වේද වන හේතු මේවා වේද දෝෂ 18 ක් හෙවත් අෂ්ට දශ වේද දෝෂ වශයෙන් හැඳින්වේ.

  1. බ්‍රහ්ම වේද දෝෂය

බ්‍රහ්ම වේද දෝෂ කීප ආකාරයකින් බලපාන අතර මෙහිදී බලපාන්නේ ප්‍රධාන ද්වාරයට කෙලින් බ්‍රහ්ම පාදය පෙනෙන ලෙසින් පිහිටීම වේ. බ්‍රහ්ම පාදයේ මාධ්‍ය රේඛාව ප්‍රධාන දොර ජේදනය වීමයි. එයම තවත් නිවසක හරි මැද පිහිටි දොරටුවකට වැටීම ද එනම් නිවසේ ප්‍රධාන උළුවස්ස අනෙක් යාබද නිවසක උළුවස්සට එකිනෙකට ඍජුව වැටීම ද බ්‍රහ්මවේද දෝෂය වේ. සතුරු බිය. කීර්තිය යන හානිය උසස් අයගේ සබඳතාවන් බිඳ වැටීම මේ දෝෂය තුළින් ඇති වේ.

  1. ද්වාර වේද දෝෂය

නිවසක ප්‍රධාන දොරට ඍජුව බිත්ති උසින් දෙගුණයකට වඩා ළං වෙතත් නිවසක ප්‍රධාන දොර පිහිටීම ද්වාර වේද දෝෂය වේ. මේ තුළින් ව්‍යාධි බිය, සොර සතුරු බිය, ඇස්වහ කටවහ අවමානයට ලක්වීම රෝග ඇති විය හැක.

  1. වෘක්‍ෂ වේද දෝෂය

මේ දෝෂය වන්නේ නිවසේ ප්‍රධාන ද්වාරයට කෙලින්ම විශාල ගසක් පැවතීම හා එම ගසේ සෙවනැල්ල ප්‍රධාන දොරට පතිත වීම වේ. මේ තුළින් නිවසට අමනුෂ්‍ය දෝෂ ද ළඟා වේ. දූ දරුවන්ට කරදර පීඩා, සතුරු පීඩා, දියුණුව අඩු වීම බාධා අවහිරතා අසමගිකම් ඇති වේ.

  1. කූප වේද දෝෂය

නිවසේ බිත්ති උසින් දෙගුණයකට වඩා දුරකින් ළංව පිහිටි ළිඳක් ප්‍රධාන දොරට කෙලින් ඇති විට මෙම දෝෂය හට ගනී. මේ නිසා නිවැසියන්ට සිහි මද ගතිය, අපස්මාරය අවලදා, අවනම්බු ඇති වීම නිවසේ නිතර ගැටුම් ඇතිවීම ආදියට හේතු වන වාස්තු දෝෂයකි.

  1. දේවතා වේද දෝෂය

ප්‍රධාන දොරට ඍජුව එල්ල වන පරිදි නිවසේ පිටත තබන බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා ඇතුළු කුමන හෝ ආගමික ශාසතෲන්ගේ ප්‍රතිමා තබා පහන් දැල්වීම කරන ස්ථානයන් නිසා මෙම දෝෂය හට ගනී. ඉතාමත්ම අශුභ වන අතර බාධක කරදර, ධෛර්ය දුර්වල වීම, බලාපොරොත්තු බිඳ වැටීම, රෝග ඇතිවීම, නොයෙක් අමනුෂ්‍ය දෝෂ නිවස වෙතට පැමිණීම සිදු වේ.

  1. සුසාන වේද දෝෂය

ප්‍රධාන දොරට අබිමුඛව සොහොන් කොත් ආදාහනාගාර, මිනී පෙට්ටි සාප්පු, සුසාන භූමි, මෘත ශරීරාගාර පිහිටි ස්ථාන පවතිනවිට දී මෙම සුසාන වේද දෝෂය ඇති වේ. ඒ තුළින් ධන විනාශය, සමගිය, සතුට, සාමදානය අහිමි වේ. දරුවන්ගේ දියුණුව ඇනහිටී දරුවන් අකීකරු වේ. අමනුෂ්‍ය දෝෂ ළඟා වේ. නිවස පාළු වේ. එපමණක් නොව වාස්තු විද්‍යාවේ පෙන්වන ආකාරයට හදිසි මරණයන් පවා ඇති කරවන ප්‍රබල දෝෂයකි.

  1. ජල නිර්ගමන වේද දෝෂය

නිවසේ ප්‍රධාන ද්වාරයට ඉදිරියෙන් ඇළ, දොළ කාණු වැනි ගලා බසිනා ජල මාර්ගයක් තිබෙනවිට ජල නිර්ගමන වේද දෝෂය ඇති වේ. මෙය ප්‍රධාන බිත්තියේ සිට උසින් ගත් විට තෙගුණයකට ප්‍රමාණයක් දුර ඇතුළත පවතී නම් මෙම දෝෂය බල පවතී. මේ නිසා දීර්ඝ කාලීන ලෙඩ රෝග වස්තු විනාශය ධන හානි ඇති කරවයි.

  1. රජක වේද දෝෂය

නිවසේ ප්‍රධාන දොරට ඉදිරිපිට රෙදි අපුල්ලන ස්ථාන, නාන තොටවල්, රෙදි සෝදන පවිත්‍ර කටයුතු කරන ස්ථානයක් පවතිනවිට නිවැසියන්ට සෞඛ්‍ය පීඩා, සොර සතුරු කරදර නින්දා අපහසවලට ලක්වීමේ ඉඩකඩ පවතී.

  1. ගණිකා වේද දෝෂය

ගණිකා ව්‍යාපාරය, ගණිකා ව්‍යාපාරය හා සම්බන්ධ සම්බාහන මධ්‍යස්ථාන යන කුමන ආකාරයේ නම්වලින් හෝ මුදලට කාන්තාවන් අලෙවි වන හෝටල්, ලැගුම්හල් ආදිය නිවස ඉදිරිපිට ප්‍රධාන දොර කෙලින් තිබේ ද එම නිවසට පවුලේ අසමගිය, අධ්‍යාපනය කඩාකප්පල් වීම් වස්තුව, ධනය විනාශ වීම අඩදබර ඇති වීමට ඉඩ පවතී.

  1. මාර්ග වේද දෝෂය

නිවසක ප්‍රධාන ද්වාරයට ඍජුව පැමිණෙන මාර්ගවල වංගු ස්වභාවයක් ඇති වූ විට ප්‍රධාන ද්වාරය මාර්ග වේද දෝෂයට ලක් වේ.

මේ නිසා සොර සතුරු බිය, දණ්ඩ බිය, මරණ බිය ඇති වේ. වාහනවලින් අනතුරුර ද එම නිසා මරණ බිය මෙන්ම නීතිමය වශයෙන් ද ගැටලු පැන නඟී.

  1. කුම්භකාර වේද දෝෂය

නිවසේ ප්‍රධාන දොරට කෙලින් උළු, වළං, ගඩොල්, අළු හුණ පෝරණු ආදිය පවතිනවිට දී එම නිවසේ නිවැසියන්ට නොයෙක් පීඩාවල් ඇති වේ. විශේෂයෙන් කළගෙඩි, මුට්ටි, හට්ටි ආදී අලෙවි කරන වළං කඩ ද මෙයට සම්බන්ධය. මේ නිසා නීතිමය ප්‍රශ්න, සොර සතුරු බිය, නිලතල අහිමි වීම, ධන හානි වීම ආදී දියුණුවට බාධා දෙන විවිධ බලපෑම් ඇති වීමට ඉඩ තිබේ.

  1. මිලේච්ඡ වේද දෝෂය

ප්‍රධාන දොරට අබිමුඛව පහත් ක්‍රියාවන්ගේ නියැළෙන අසත්පුරුෂයන්, අධාර්මික කටයුතුවල නියැළී සිටින හා පහත්ම කුලවල අය, අංශභාග, මානසික රෝග, බෝවන රෝගවලට ලක්වූ අය වාසය කරන ස්ථාන ඇති විට ධනය විනාශ වීම්, සොර සතුරු කරදර පීඩා, මානසික ආතතිය, සබඳතා බිඳ වැටීම, හදිසි අනතුරු, විපත්වලට ගොදුරු වීමේ ප්‍රවණතාවන් හටගනී. එය මිලේච්ච වේද දෝෂයයි.

  1. කර්දම වේද දෝෂය

ප්‍රධාන දොරට අබිමුඛව මඩ වළක් පුරන්ව ගිය තෙත් බිමක්, මඩ වගුරු – අත්හැර දැමූ පතල් මැටි වළක් හෝ නෙළුම්, මානෙල් සිටුවා ඇති මඩ සහිත පොකුණු විශාල මල් පෝච්චි නිසා මෙම දෝෂය හට ගනී. මඩ පල් වී ගඳ ගැසීමට ලක් වූ සියලු දෑ මේ නිසා නින්දාවට පත් වීම, ගෞරවය කෙලසා ගැනීම, ධන හානිය, රාජ බිය, නිවසේ අසමගිය ඇති වේ. රණ්ඩු සරුවල් පවා ඇති කරවයි.

  1. ස්ථම්භ වේද දෝෂය

බොහෝ නිවාසවල මෙය සිදු වේ. ප්‍රධාන දොරට කෙලින් ද්වාරය අවහිර කරමින් කොන්ක්‍රිට් කණු පුළුල්ව බැඳුණ ආවරණයක්, උසින් බැඳී ඇති සිමෙන්ති බැම්මක් නිසා මෙය ඇති වේ. මේ තුළින් නිවසට ශුභ ශක්තීන් වෙනුවට අශුභ ශක්තීන් ළඟා වීමෙන් දරුවන්ගේ දියුණුව අඩාල වීමෙන් බලාපොරොත්තු බිඳ වැටීම, ධනය විනාශ වීම, නිවසේ සාමය සතුට අහිමි වීමත් සිදු වේ.

  1. වර්චස්ථාන වේද දෝෂය

සමහර නිවෙස්වල ප්‍රධාන ද්වාරය කෙලින්ම පොදු වැසිකිළි, අපිරිසිදු ස්ථාන, කුණු වතුර වළවල්, කුණු ගොඩල් නිසා වරචස්ථාන දෝෂ හට ගනී. මානසික රෝග, මානසික පීඩා, සර්ප ආදී උරගයන්ගෙන් හානි. අමානුෂ්‍ය දෝෂ නිවසේ අසමගිය, ලෙඩ රෝග බහුල වීම් ඇති කරයි. මෙය නාගරික නිවාසවල බොහෝ විට දක්නට ලැබෙන බහුල වාස්තු දෝෂයකි.

  1. කෝණ වේද දෝශය

නිවසක ප්‍රධාන ද්වාරයට කෝණගතව භූමියක් නිවසක්, තුංමංහන්දියක්, නගරයක සන්ධියක් විශේෂයෙන් පාළු නිවසක (යාබදව පිහිටි) ප්‍රධාන දොරට කෝණගතව පිහිටි විට මෙම වේද දෝෂය ඇති වේ. මේ තුළින් නිවස පරිහානියට, විනාශයට පත් වේ. අමානුෂ්‍ය දෝෂවලට රෝගවලට, ධන විනාශයට, බලාපොරොත්තු බිඳ වැටීම සොර සතුරු බිය ඇති වේ.

  1. රාජ වේද දෝෂය

රාජ වේද දෝෂය යනු ප්‍රධාන ද්වාරයට ඍජුව මුහුණලා රජයේ ආරක්ෂක කඳවුරු පොලීසිය. ආරක්ෂක අංශව ගොඩනැඟිලි, මැති ඇමැතිවරුන්ගේ මන්දිර ආදිය පිහිටීමයි. මේ නිසා රාජ බිය දණ්ඩ බිය, සතුරු බිය. විපත් නිවසේ අසමගිය ඇති වීමට හේතු දේ. තවද සූදු ඔට්ටු මධ්‍යස්ථාන, යුද ක්‍රීඩා ගොඩනැඟිලි ද මෙයට අයත්ය.

  1. තිරස්චිත වේද දෝෂය

ප්‍රධාන ද්වාරය ඉදිරිපිට ගව මඩු, ඌරු කොටු කුකුළු කොටු, බලු කූඩු මස් මාළු අලෙවිසැල්, කරවල වෙළෙඳ සැල්, සත්ව කොටස්, සතුන් අලෙවි කරන ස්ථාන මේ ගණයට අයත් වේ. මෙවැනි දෝෂයක් නිසා රෝග, බිය, ව්‍යාධිය, නීතිමය ප්‍රශ්න, නිවසේ අසමගිකම, හදිසි අනතුරු විපත්, ධන හානි ඇති කරනු ලබයි. වර්තමානයේ පවතින භූමි නිවාස ඉදිකිරීමට අල්ප වීමෙන් මේ අෂ්ට දශ වේද දෝෂයන්ගෙන් තොරව නිවාස ඉදිකිරීම අපහසු වේ. නමුත් හැකි තරම් දුරට අවබෝධයෙන්, හිතුමනාපයට ප්‍රධාන ද්වරය නොදමා මේ ගැන අධ්‍යයනය කර වාස්තු උපදේශකයකුගේ සහාය ලබා ගෙන ප්‍රධාන ද්වාරය වේදයට ලක් නොවන අයුරින් තබාගැනීමෙන් සතුට, නිරෝගිකම, රැඳුන සෞභාග්‍ය නිවසක් හිමිකර ගැනීමට හැකි බව ප්‍රකාශ කළ යුතුයි.

ධන ධාන්‍ය විනාශ වී රෝග, බිය, අසමගිය ඇති කරවන ප්‍රධාන දොරේ වේධ දෝෂ 18 මෙන්න

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment