තරු හෝටල්වලට පුරප්පාඩු වධ දෙයි

254

මෙරට තරු පන්තියේ හෝටල් හි පවතින සේවක පුරප්පාඩු නිසා සංචාරකයිනට නිසි ලෙස ආහාර පානාදිය ඇතුළු සේවාවන් ලබාදීමේ දුෂ්කරතාවයනට එම හෝටල් කළමනාකාරිත්වය පත්ව ඇතැයි වාර්තාවේ.

කළමනාකාර සේවයේ සිට මුළුතැන්ගෙය දක්වා සෑම අංශයකම සේවක පුරප්පාඩු පවතින බවත් ඒ සඳහා සුදුසුකම් සහිත සේවකයන් අයැදුම් නොකිරීම නිසා මෙම පුරප්පාඩු පුරවා ගැනීමට නොහැකි වී ඇති බවත් අදාළ හෝටල් කළමනාකාරිත්වය ආයෝජන මණ්ඩලයට දැනුම් දී ඇත.

තරු හෝටල් හි පුහුණුව ලැබූවන් බොහෝ දෙනකු විදේශ හෝටල්හි රැකියා සඳහා පිටත්ව යෑම සහ හෝටල් පාසල් හි පුහුණුව ලැබූ බොහෝ දෙනකු විදේශ හෝටල් හි රැකියා අපේක්‍ෂාවෙන් සිටීම නිසාත් මෙම තත්ත්වය උදාව ඇතැයි වාර්තා වේ.

මීට විසඳුම් ලෙස හෝටල් සේවාව පිළිබඳ පුහුණුව ලැබූ තරුණ තරුණියන් කඩිනමින් තරු හෝටල් සඳහා යොමු කරවීමට පියවර ගන්නා බව ආයෝජන මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment