ශ්‍රී ලංකා – ඇමෙරිකා පුහුණු තරගය අද

291

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවෙනි පුහුණු තරගය අද (15 වැනිදා ) ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට තරගය ආරම්භ වීමට නියමිතය.

නෙදර්ලන්තය සමග පැවැති පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පෙරේදා (13 වැනිදා) කඩුලු 3 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

එහිදී නායක දසුන් ශානක නොදැවී ලකුණු 67 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන රැගෙන ගියේය. පුහුණු තරග යටතේ සිය පළමු තරගයට පෙරේදා සහභාගි වූ ඇමෙරිකා කණ්ඩායම අයර්ලන්තය හමුවේ ලකුණු 312 ක් වාර්තා කර තිබුණ ද අයර්ලන්තය එම තරගය කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment