තරුෂි – ශෙහාන් සහ සුසන්තට උපහාර

449

20 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් දිනූ ක්‍රීඩිකාව බවට පත්වූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව (රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කමක්) සහ රන් පදක්කමක් දිනාගත් හසන්ත ශෙහාන් දිල්රංග ක්‍රීඩකයා ඇගයීමට ලක් කිරීම සහ මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ පුහුණුකරු වන වත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා), වලල ප්‍රධාන ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා ඇගයීමට ලක් කිරීම උත්සවයක් පසුගියදා වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

තරුෂි කරුණාරත්න සහ ශෙහාන් දිල්රංග වලල ඒ. රත්නායක විදුහලේ ඉගෙනුම ලබති.

වත්තේගම අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, පළාත් ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, වත්තේගම පොලිස් ස්ථානාධිපති සමන් ආරියදාස, වත්තේගම නගර සභාවේ ලේකම් එම්.මඩුගල්ල, වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment