ජනපති රට යයි

473

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගියේය. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගියහ.බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්වෙයි..ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන්නය.

advertistmentadvertistment
advertistmentadvertistment