2023 ජාතික බිලියඩ් ශූරතාවලියට ලංකා ඔටෝමොබයිල් අනුග්‍රහය

80

ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමය මගින් පවත්වනු ලබන 68 වෙනි ජාතික බිලියඩ් ශූරතාවලිය (2023) සඳහා අනුග්‍රහය දැක්වීමට මෙරට පැරණිතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය ඉදිරිපත් වී ඇත.

ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමයේ ලේකම් කුමාර් ලැනරෝල් මහතා වෙත එම අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කිරීම පසුගියදා ලංකා ඔටෝමොබයිල් සංගමයේ දී සිදුකෙරිණි. බිලියඩ් සභාපති පී. එච්. ලියනගේ, විධායක කමිටු සාමාජික ලසිත ගුණරත්න, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික දේවප්‍රිය හෙට්ටිආරච්චි සහ බිලියඩ් සංගමයේ ලේකම් ඇන්ටන් කන්දයියා යන මහත්වරු ද එම චෙක්පත ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. එම අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment