ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් පූර්ව වටයේ දී අද පකිස්තානය සමග තරග වදිති

155

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දු වාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් වූයේය.

තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී තායිලන්තය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව එම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් පූර්ව තරගය පාකිස්තානයට එරෙහිව හෙට (24 වැනිදා) පැවැත්වීමට නියමිතය.

වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දු වාර 15 ක් පමණක් හිමි වූ එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් තායිලන්තය නියමිත පන්දු වාර 15 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 78 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව එම ඉලක්කය පන්දු වාර 10.5 කදී ඉක්මවා ගියේය.

එහිදී අනුෂ්කා සංජීවනී ලකුණු 32 ක් සහ චමරි අතපත්තු ලකුණු 27ක් රැස් කළහ.

කණ්ඩායම් දෙකේ ලකුණු තත්ත්වය සම මට්ටමට පැමිණ තිබූ අවස්ථාවේ හර්ෂිතා සමරවික්‍රම හයේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන ආවාය.

පන්දු යැවීමේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 10 කට කඩුලු 4 ක් දවා ගත්තාය.

advertistmentadvertistment
advertistmentadvertistment