ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද දකුණු අප්‍රිකාවට

139

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා බොට්ස්වානා සිට දකුණු අප්‍රිකාව බලා අද (25 වැනිදා) පිටත්ව යාමට නියමිතය.

2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය යටතේ ‘සී‘ කාණ්ඩය නියෝජනය කරන අතර ශ්‍රී ලංකාව ලබන 28 වෙනිදා ජැමෙයිකාව සමග පළමු තරගයට සහභාගිවීමට නියමිතය. ජූලි 29 වෙනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමග ද, 30 වෙනිදා වේල්සය සමග ද ඔවුන් තරග වැදීමට නියමිත වේ.

බොට්ස්වානා ජාතික කණ්ඩායම ඇතුළුව පුහුණු තරග හතරකට ශ්‍රී ලංකාව සහභාගි වූ අතර එම තරග හතරෙන් 2ක් ජයග්‍රහණය කර සහ තරග 2ක් පරාජය වී එම පුහුණු සංචාරය අවසන් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment