යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී තරුණයා මරුට

90

කිළිනොච්චියේ පුලෝපලෙයි ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයකු සිද්ධිය වූ ස්ථානයේදීම පෙරේදා (29 දා) මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ගුණම් ගනේෂන් නමැති තරුණයෙකි. පලෙයි නගරයේ සිට තරුණයකු අධික වේගයෙන් පදවාගෙන ගිය යතුරුපැදියක් පුලෝපලෙයි ගම්මානයේ සිට පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් යතුරුපැදි දෙකටම අලාභහානි සිදුව ඇති අතර එක් යතුරුපැදියක් ගිනි ගැනීමකටද ලක්ව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදෙනා පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහ රෝහලට මාරුකොට යවා ඇත. පලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment