ඉන්දියානු නළයේ සක්‍යතා වැඩ අගෝස්තු සිට

167

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එලීමට යෝජිත ඉන්ධන නළයට අදාළ සක්‍යතා අධ්‍යනය ලබන මාසයේදී (අගෝස්තු) ආරම්භ කරන බව ඉන්දියන් තෙල් සමාගම මෙරටට දැනුම් දී තිබේ.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ නාගපට්ටම් ආශ්‍රිත ප්‍රදේශයක සිට මුහුද යටින් ශ්‍රී ලංකාවට එලන නළ පද්ධතිය වව්නියාව දක්වා පැමිණීමට නියමිතය.

එහිදී එක් නළ මාර්ගයක් ත්‍රිකුණාමලය දක්වා ද අනෙක් නළ මාර්ගය මන්නාරම දෙසට ගොස් කොළඹ දක්වා පැමිණීමට ද සැලසුම් සකස් කර ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. ඉන්දීය රජය හා ඉන්දියානු තෙල් සමාගම ඉන්දියාව පාර්ශ්වයෙන් කෙරෙන කටයුතු කර අවසන්ව ඇති අතර මෙරට පාර්ශ්වයෙන් කෙරෙන අධ්‍යන කටයුතු යම් ප්‍රමාදයකට ලක්ව ඇත. එය ප්‍රමාදවී ඇත්තේ පෞද්ගලික ඉඩම් මතින්ද මෙම නළ මාර්ගය ගමන් කිරීමට නියමිත නිසාය. මෙම නළ මාර්ගය දෙපැත්තටම ඉන්ධන ප්‍රවාහනය කළ හැකි ආකාරයට ඉදිකිරීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment