ආසියානු කුසලානය කාටද? තරඟය අද කොළඹදී

140

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ප.ව. 3.00 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව පසුගිය වසරේද ආසියානු කුසලාන ශූරයෝය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහණය කර ඇත. ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබේ. අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් ඉන්දියාව සමග ශූරතාවය දිනූ අවස්ථා ගණන සමාන වනු ඇත. 16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment