විරෝධතා නැති අයට අස්වැසුම අතට

1200

විරෝධතා හෝ අභියාචනා ඉදිරිපත්ව නොමැති අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමියන්ට මේ මාසයේ සිට අදාළ දීමනා ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදු නොවන බව ද ඇමැතිවරයා පවසයි. මේ වනවිට අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා සහ විරෝධතා දශලක්ෂය ඉක්මවා ගිය ප්‍රමාණයක් ලැබී ඇත.

මේ යටතේ අභියාචනා 982770 ක් සහ විරෝධතා 62368 ක් ද ලැබී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment