‘බරකාරයන්ගේ’ බදු හදන්න උපදේශක කමිටුවක්

243

ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු ලිපිගොනු සම්බන්ධ තීරණ ගැනීම සඳහා දේශීය ආදායම් සහ නීතිපති යන දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගෙන් සමන්විත උපදේශන කමිටුවක් ස්ථාපිත කර ඇත.

මේ ඉහළ වත්කම් සහිත අයගේ බදු ලිපිගොනු සම්බන්ධයෙන් දැඩි පාලන ක්‍රියාවලියක් අනුගමනය කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළාය.

දැනට ස්ථාපිත කර ඇති මෙම උපදේශන කමිටුව මගින් අදාළ පුද්ගලයන්ගේ බදු ලිපිගොනු මෙන්ම බදු විගණන ක්‍රියාවලිය සඳහා උපදෙස් සැපයීමට අපේක්‍ෂා කෙරෙන බව ද කොමසාරිස් ජනරාල්වරිය කීවාය.

මේ ධනවත් පුද්ගලයන් විදේශ රටවල සිය මුදල් සඟවා තිබේ ද යන්න සොයා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බැංකු, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය මෙන්ම ද්විත්ව බදු ගිවිසුම් පාර්ශ්වයන් සමග ද සබඳතා පුළුල් කර ගන්නා බවත් එමගින් විදේශ වත්කම් ඇතුළු ජාත්‍යන්තර ගනුදෙනු හා බැංකු ගිණුම් පිළිබඳ හෙළිදරව් කර ගැනීමට හැකිවනු ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment