ජාතික උපදේශක සභාවෙන් ළඟදීම මහ සඟ සමුළුවක්

110

ඉතා ඉක්මනින්ම සාමග්‍රී මහා සඟ සමුළුවක් පැවැත්වීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යටතේ පිහිටුවා ඇති ජාතික උපදේශක සභාව තීරණය කර ඇත.

ජාතියටත්, රාජ්‍ය පාලනයටත් මඟපෙන්වීම සඳහා නිසි මාර්ග දර්ශනයක් සැපයීම උදෙසා මේ සඟ සමුළුව පවත්වන බව ජාතික උපදේශක සභාවේ අනුශාසකයකු වන පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමියෝ ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසූහ.

මෙම සඟ සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් පැවැත්වූ බවත් ඉදිරියේදී තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ සඟ සමුළුව පැවැත්වීමේ දිනය තීරණය කර ඉතා ඉක්මනින්ම ප්‍රකාශයට පත් කරන බවද ජිනානන්ද හිමියෝ තවදුරටත් ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment