දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන්නැයි පරිසර සමුළුවට ලිපියක්

72

ලොව පුරා විසිරී සිටින මවුවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිය ළමුන්ගේ සෞඛ්‍ය හා අනාගතය සැළකිල්ලට ගෙන දැනට සිදු කෙරෙන ෆොසිල ඉන්ධන සඳහා අරමුදල් සැපයීම නතර කරන ලෙස ඉල්ලමින් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන ‘කෝප් – 26 – දේශගුණික විපර්යාසයන් පිළිබඳ ගෝලීය පරිසර සමුළුව වෙත ඊයේ දිනයේ (05දා ) ලිපියක් භාර දීමට සැළසුම් කර තිබිණි. මෙම කණ්ඩායමට අයත් දරුණු වායු දූෂණයට ගොදුරු වීමෙන් ඇදුම රෝගය වැළඳී මිය ගිය දියණියකගේ මව වන රොසමුන්ඞ් අඩුකිසි ඩෙබ්රා පවසනුයේ පරසර සමුළුවල විශාල වශයෙන් වදන් භාවිත වුවද පරසරයට වන හානි අවම කරගැනීමට කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බවයි’ මහා මාර්ගවල පවතින අධික විෂ වායු දූෂණය හේතුවෙන් අපගේ සෞඛ්‍ය අර්බුදය තවත් දරුණු වී තිබේ. මේ හරහා අපේ දරුවන් තවත් රෝගාතුර වන අතර ඔවුන්ගේ අනාගතයටද තර්ජනයක් එල්ල වී තිබෙනවා. අපට මේ සඳහා කඩිනම් පිළියමක් අවශ්‍යයි, ඇය විසින් සඳහන් කර තිබේ.

මෙම මවුවරුන්ගේ සංවිධානය විසින් ඊයේ දිනයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ තරුණ දේශගුණික විපර්යාසයන්ට එරෙහි ක‍්‍රියාකාරීන්ගේ පා ගමනටද සහභාගී වීමට නියමිතව තිබිණි. ප‍්‍රමුඛ පෙළේ තරුණ ක‍්‍රියාකාරිනියක් වන ගේ‍්‍රටා තුන්බර්ග්ද මෙම පා ගමනට සහභාගී වීමට නියමිතව තිබුණු අතර පරිසර සමුළුවට සහභාගී වන දේශපාලන නායකයන්ගෙන් හා ක‍්‍රියාකාරීන්ගෙන් දේශගුණික විපර්යාසයන් ඇතිවීම වැළැක්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මෙම පා ගමන සංවිධානය කර තිබිණි. ග්ලාස්ගෝ නගරය වටා පැවැත්වීමට නියමිතව තිබූ මෙම පා ගමන සඳහා තරුණ ක‍්‍රියාකාරීන් දහස් ගණනක් සහභාගී වීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment