බන්ධනාගාර නිලධාරීන් තමාට සහ පුතාට පහරදුන් බව මව උසාවියේදී කෑගසා කියයි

105

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින සිය පුතාට බීඩි තොගයක් රැගෙන ගිය මවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් තමන්ට පහර දුන් බව එම මව විසින් මහෙස්ත්‍රාත්වරයාට කෑ ගසා දෑත් එක් කොට වැඳ 26 දා ප්‍රකාශ කොට තිබේ.

තමන්ට පමණක් නොව බන්ධනාගාර ගත කොට සිටින තම පුතාට ද තමා ඉදිරියේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඉතා අමානුෂීය ලෙස පහර දුන් බව අදාළ කාන්තාව මහෙස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කොට සිටියාය.

මේ පිළිබඳව සැලකිල්ල යොමු කළ මහෙස්ත්‍රාත්වරයා එම කාන්තාවත් සිරකරුවාත් වහාම යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. අදාළ කාන්තාව හා සිරකරුවාව දැඩි පොලිස්

රැකවරණය මත රඳවා ගන්නා ලෙසද පොලිසියට නියෝග කොට තිබේ.

මෙම සිද්ධියෙන් පසුව මවට පහර දුන් බව කියන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පරීක්ෂණයක්ද ආරම්භ කොට තිබේ.

මේ අතර පහර කෑමට ලක් වූ බව කියන මවගේ ඥාතීන් පිරිසක් මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයටද පැමිණිල්ලක් සිදු කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment