තමිල්නාඩුවෙන් කොටි නැගිටින සූදානමක්‌!

476

කොටි සංවිධානය නැවත වරක් කි‍්‍රයාත්මක කිරීම සඳහා තමිල්නාඩුවේ චෙන්නායි නුවර සිටින හිටපු කොටි කි‍්‍රයාකාරීන් සංවිධානය වී ඇතැයි තමිල්නාඩු පොලිස් අධ්‍යක්‍ෂ ජනරාල් සයිලෙන්ද්‍ර බාබු ප‍්‍රාන්තයේ සියලූම පොලිස් ප‍්‍රධානීන් වෙත ලිපියක් යවමින් අනතුරු අඟවා ඇත.

ඔහු මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ හිටපු කොටි බුද්ධි ප‍්‍රධානියකු වූ සත්කුනම් හෙවත් සබිය නමැත්තා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසුවය. මෙහි හිටපු කොටි බුද්ධි ප‍්‍රධානියා පදිංචිව සිටි තමිල්නාඩුවේ මල්රාසවත්නම්හි නිවස වැටලූ පොලිසිය ලියවිලි රැසක් සොයාගෙන තිබේ.

එම ලියවිලිවලින් ජාත්‍යන්තර සබඳතාවලට අදාළ තොරතුරු ද හෙළිවී ඇත.

මෙම පරීක්‍ෂණවලදී තවදුරටත් හෙළිවී ඇත්තේ මෙකී කොටි බුද්ධි ප‍්‍රධානියා චෙන්නායි සිට ශී‍්‍ර ලංකාවේ උතුරේ සිටින කොටි හිතවාදීන්ට විශාල ලෙස මුදල් යවා ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment