මධුමාධව අත්අඩංගුවට

379

ජනප්‍රිය ගායන ශිල්පී, මධුමාධව අරවින්ද මහතා ඊයේ (16 දා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මහතාගේ මෝටර් රථය කඩවත දෙසට ගමන් කරමින් තිබියදී අධිවේගී මාර්ගයේ මං තීරු වෙන් කිරීමට යොදා ඇති බාධක 10 ක පමණ ගැටීමෙන් අලාභ හානි සිදුව ඇති බවත්, ඔහුගේ රථයට ද ඉන් හානි සිදුව ඇති බවත්, පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ ඒ මහතා මද පමණට මiසාර භාවිත කර තිබූ බවත්, රථය පදවාගෙන ඒමේදී නින්ද යෑම නිසා මෙලෙස මාර්ග බාධකවල ගැටී ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මධුමාධව අරවින්ද මහතා මත්ද්‍රව්‍ය පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එහිදී ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර තිබූ බව සනාථ වී තිබේ.

තමන් යම් තරමකට මත්ද්‍රව්‍ය භාවිත කර තිබූ බවට මධුමාධව අරවින්ද මහතා පිළිගෙන ඇති අතර අනතුරින් ඔහුට තුවාල සිදුවී නැත.

අත්අඩංගුවට ගත් මධුමාධව අරවින්ද මහතා වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිසියට භාර දී තිබිණි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment