රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.දසදහසම අප්‍රේල් වැටුපට

275

සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව, අප්‍රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවීමට සූදානම් බවත් අයවැය යෝජනාවල සඳහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මාධ්‍ය වෙත ඊයේ (25දා) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 28 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් අප්‍රේල් මාසයේදීත්, තවත් සහල් කිලෝ 10 ක් මැයි මාසයේදීත් ලබාදීමට කටයුතු කරන බවයි.

අඩු ආදායම්ලාභීන්ට සහනයක් ලෙසත්, ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන මෙම වැඩපිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10 ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

එමෙන්ම විශ්‍රාමිකයන් සඳහා වැඩි කළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment