පුනරුත්ථාපනය වෙමින් සිටි තණමල්විල තරුණයා මරුට

91

තණමල්විල පොලිස් වසමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පාරේ පිහිටි ‘සිත් සෙවණ’ මන්ද මානසික ළමා මධ්‍යස්ථානයේ රැකවරණය යටතේ සිටි නාඳුනන අයකු ඉකුත් 11 වෙනිදා මියගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

ආයතනයේ රැකවරණය යටතේ වසර අටක පමණ කාලයක සිට පුනරුත්ථාපනය වෙමින් සිටි නම, ගම, වයස, පදිංචි ලිපිනය හෝ ඥාතියෙකු කවුරුන්දැයි නොදන්නා පිරිමි පුද්ගලයෙකු ආයතනය තුළදීම මෙලෙස මියගොස් ඇත. ඔහු මියගොස් ඇති බවට ආයතනයේ කළමනාකරු වන එම්. කේ මලිත් ශෙහාන් සසංක යන අය විසින් තණමල්විල පොලිසියට පැමිණිලිකර ඇති අතර මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය තණමල්විල හදිසි මරණ පරීක්ෂක ඒ. එම්. සී. දේශප්‍රිය මහතා විසින් පවත්වන ලදි. මෘතදේහය දැනට ඇඹිලිපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment