කඩල උඳු වී වැඩේ මාට්ටු වෙයි – මෙට්‍රික් ටොන් 17ක් රේගු දැලේ

223

රුපියල් තුන් කෝටි දශ ලක්ෂයක් වටිනා උඳු තොගයක් කඩල අඩංගු බහාලුමක් තුළ සඟවා නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කිරීමේ දී ඊයේ (12 දා) ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම බහාලුමේ වූ සියලු ඇසුරුම් තුළ ‘කඩල’ යැයි සඳහන් කර තිබූ අතර, එනිසා එකිනෙක භෞතිකව පරීක්ෂා කිරීම මගින් මෙම මෙට්‍රික් ටොන් 17 ක් බරැති උඳු තොගය සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ, මරදාන ප්‍රදේශයේ ආනයනයකරුවකු විසින් මෙම බහාලුම මෙරටට ගෙනැවිත් තිබුණි. මෙම උඳු තොගය කෙසේ හෝ රේගුවෙන් පිටතට ගියේ නම් එයින් රටට රුපියල් පනස් එක් ලක්ෂයක බදු ආදායමක් අහිමි වන බව රේගුව ගණන් බලා තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබයි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment