ඖෂධ සැපයුම්කරුවන්ට බිලියන 35 ක පොල්ලක්…

106

ඖෂධ හිඟයටත් මෙය හේතුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 35 කට අධික මුදලක් ගෙවීමට ඇතැයි ගණන් බලා ඇත.

එම මුදල් නිසියාකාරව ගෙවීම් නොකිරීම නිසා ඖෂධ සැපයුම්කරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ සැපයීම සීමාකර ඇතැයි ද එම නිසා රජයේ ඖෂධ ගබඩාවල ඖෂධ තොග අඩු වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

හෘද, පිළිකා ඇතුළු සියලුම රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සඳහා මෙම හිඟය බලපා ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය දුරදිග ගොස් ඖෂධ සැපයුම්කරුවන් ඖෂධ සැපයීම තවත් අඩුකළ හොත් මාර්තු, අප්‍රේල් මාස වන විට ඖෂධ හිඟය තවත් උග්‍රවනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment