ජාතික රෝහල වටලන්න හෙද හෙදියෝ කොළඹට

80

හෙද සේවයේ පවතින දීමනා ගැටලු ඇතුළු අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් නොදීම ගැන විරෝධය පළ කිරීම සඳහා සමස්ත ලංකා හෙද සංගමයට අයත් හෙද හෙදියෝ ලබන බදාදා (14 දා) කොළඹ පිහිටි ජාතික රෝහල ඉදිරිපිටට පැමිණ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර ඇත.

තම සංගමයට අයත් හෙද නිලධාරීන්, හෙද නිලධාරිනියන් විශාල පිරිසක් ඒ සඳහා සම්බන්ධ කරගනිමින් ජාතික රෝහල වටලා අදාළ විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බව එහි කැඳවුම්කරු එස්. පී. මැදිවත්ත මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment