කිරිඇල්ලට එරෙහි හන්තානේ නඩුව අවසන්

149

කිසිදු නීතිමය පදනමක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් නිර්දේශය අනුව මහනුවර හන්තාන පාරිසරික කලාපයේ පිහිටි ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කළේ යැයි චෝදනා කරමින් හන්තාන පාරිසරික සංවිධානය විසින් 2019 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීන්ට එරෙහිව පවරා තිබූ නඩුවක් අවසන් කිරීමට මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

හන්තාන පාරිසරික පදනම විසින් පවරා තිබූ එම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ නිර්දේශය ඇතුළත් වාර්තාව ඉදිරිපත් කරමින් ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහනුවර මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

අධිකරණය විසින් එම නියෝගය ලබාදීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය “මේක මගේ පියා මීට අවුරුදු 40කට පෙර පුද්ගලික පාර්ශ්වයකින් මිලදී ගත් ඉඩමක්. තාත්තා ඒක මිලදී ගන්න පෙරත් ඒ පාර්ශ්වය අවුරුදු 100ක් විතර මේකේ අයිතිය තියාගෙන ඉඳලා තිබෙනවා. එහෙම තියෙද්දී තමයි මීට අවුරුදු 4කට විතර ඉස්සර මේ නඩුව දාලා තියෙන්නේ යැයි ප්‍රකාශ කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment