ඊමේල් එක ගැන බයවෙන්න එපා… ආරක්ෂක ලේකම් කියයි

1184

රටේ පවත්නා සාමය කඩාකප්පල් කිරීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික) මහතා පැවැසීය.

රටේ ආරක්‍ෂාව සහ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන සිය රාජකාරිය ඉටුකරනු ලබන බවත්, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ බලධාරීන්ට එවන ලද විද්යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබල හෝ බිය නොවිය යුතු බව ද ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කරයි.

පුද්ගලික ලාභයක් තකා කොළඹ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබූ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලිසිය මගින් සිදුකරන බවත් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment