ලංවිම ඩීසල් ජෙනි පැය 35345ක් නිදි

271

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඩීසල් විදුලිජනන යන්ත්‍රයන්හි කාර්මික දෝෂ හේතුවෙන් මෙම වර්ෂයේ (2023) ජනවාරි සිට ජුලි මස දක්වා කාලයේ දී පැය 35,345ක් එම යන්ත්‍ර ක්‍රියාවිරහිත වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

එමෙන්ම ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙම කාලයේ දී පැය 38,943ක් මෙකී ඩීසල් විදුලිජනන යන්ත්‍ර සැලසුම්සහගත නොවන ලෙස ධාවනය නතර කර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. එමෙන්ම 2022 වර්ෂයේ දී මෙකී ඩීසල් ජනක යන්ත්‍ර ඉන්ධන, ලිහිසිතෙල් නොමැති වීම සහ ජනන යන්ත්‍රයන්හි කාර්මික දෝෂ හේතුවෙන් පැය 187,229ක් සැලසුම්සහගත නොවන ලෙස ධාවනය නතර කිරිමට සිදුවී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment