සෙන්පති යුද පිටියට – ලග්න 4කට පංච මහා යෝගයක්!

3191

ග්‍රහලොව සෙන්පති කුජ 2023 නොවැම්බර් මස 16 වෙනි බ්‍රහස්පතින්දා උදේ 10.48ට සිය ස්වක්‍ෂේත්‍ර වාස භවන වන වෘශ්චික රාශියට ප්‍රවිශ්ට වේ. ඒත් සමගම ලග්න 4කට රුචක නම් පංච මහා යෝග බලය තත්කාල කේන්ද්‍රය තුළ උදාකරන අතර විපරිත රාජ යෝග 3ක් ද නිර්මිතයි.

කෙසේ වෙතත් උත්පත්තියේදී කුජ වෘශ්චික රාශියේ සිටි අයට මෙම ග්‍රහ ගෝචරය විශිෂ්ට ප්‍රතිඵල දෙනු ඇත. සෙසු ලග්න හිමි අයට නරක නොවුවද අධික කේන්තිය, හිතුවක්කාර කම, පාලනය කරගත යුතුයි. සමාජ සබඳතා පිළිබඳව නම්‍යශීලී විය යුතුයි.

කුජ බලවත්වන සමයෙහි ආරක්‍ෂක අංශවල කටයුතු කාර්යයන් අධික වනු ඇත. භූමිය සම්බන්ධව සෙලවීම්, කම්පා වීම්, භූ පැලීම්, සුනාමි, නායයෑම් ආදිය ඇතිවීමේ අවධානමක් පවතී. එසේ හෙයින් ආරක්‍ෂක අංශවලට අධික කාර්යබහුල කාලයක් උදාවේ. තවද, ලොව පුරා ගිනි ගැනීම්, පිපිරීම් ආදිය ද යුද ගිනි උග්‍රවීමද සිදුවන කාලයකි. ගෝලීය උණුසුම ද ඉහළ යනු ඇත.

ලෝකය තුළ යුද බිය, යුද ගිනි ඉහළ යන අතර ගෝලීය ත්‍රස්තාවදය ලෝකය තුළ අලුත් ත්‍රස්ත ක්‍රියාවන් සිදුකර ඓතිහාසික පීඩාවක් කරනු ඇත.

කෙසේ වෙතත් මෙම කාලය තුළ හොඳ නරක යන දෙක අතර නොතේරෙන, නොපෙනෙන ගට්ඨනයක් නිර්මාණය වී ඇත. ලෝකායන ජ්‍යොතිෂයට අනුව වෘශ්චික රාශිය කුජ බලවත්ව 8 වැන්න වන අතර එමඟින් ලෝකය තුළ වේදනාකාරී මරණ ඇසීමට ලැබේ. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ 10 වැන්න වන කර්මස්ථානය තුළ කුජ දිග්බල වන බැවින් තම බලය අත්පත් කර ගැනීමත්, රතු පැහැයට යම් බලයක් ඒකරාශීවීමත් පිළිබිඹු වේ.

මෙම කුජ මාරුව ඔබට

මේෂ- කොන්ද ආශ්‍රීත රෝග ඇති කරයි. සමාජ පීඩන, විවාහ ගැටලු උත්සන්න වේ. ගමෙන් නගරයෙන් පිට ගමන් යෙදේ. ජලය පානය නොකිරීම නිසා හටගන්නා රෝග උත්සන්න වේ.

වෘෂභ- හවුල් ව්‍යාපාරවල ගැටුම් ගැටලු උදාවිය හැක. එහෙත් අභියෝග ජයගන්නා කාලයකි. වේගවත් වැඩවලට අත ගසයි. සමාජ සේවා කටයුතුවලට යොමු වේ.

මිථුන- සතුරු බල බිඳ දැමීමේ ශක්තිය උදා කරයි. මානව ගුණ යටපත් වේ. අධික ආවේගශීලී වෙයි. කෙටි හා දීර්ඝ ගමන් බිමන් යෙදේ. සමාජ සබඳතා ශක්තිමත් වේ. විවාහයේ ඥාතින් සමග ද ගැටුම් උදාවිය හැක.

කටක- අධ්‍යාපනික කටයුතුවලට නම් එතරම් යෝග්‍ය නොවනු ඇත. තරගකාරී කටයුතුවලට නම් යහපත් ප්‍රතිඵල උරුම වෙයි. කාය ශක්තිය වැඩිවෙයි. නිතර අලුත් දේ ඉගෙනීමට ලැබේ. බොහෝ විට ඒවා තාක්‍ෂණය, යකඩ, ඉංජිනේරු ආදී ක්‍ෂේත්‍ර වනු ඇත.

සිංහ- දේපළ සම්බන්ධ සෘජු තීන්දු තීරණ ගනී. මව් පස ඥාතීන් වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කරයි. යාන වාහන අලුත්වැඩියාව, නිවාස කඩා බිඳ පිළිසකර කිරීම ආදියට අවස්ථාව උදා වේ. නිතර ගමන් යෙදේ. හෘද රෝග සහිත අය ප්‍රවේශම් වන්න. කුජ 22වන දෙර්කාණාධිපති නම් ලේ දෝෂ රෝග උදා වේ.

කන්‍යා- සහජ කුසලතාව ඉහළ යයි. සමාජ සබඳතා ශක්තිමත් වේ. වැඩිහිටි ඥාතීන් සමග මිත්‍රශීලීව කටයුතු කිරීමට පෙළඹේ. ඉදිරි වැඩ කටයුතු නිසි පරිදි සැලසුම් කරයි. ආදරය, කරුණාව, දයාව, වර්ධනය වේ. යාන්ත්‍රික කටයුතුවලින් දියුණු වේ.

තුලා- වචන භාවිතයේදී බොහෝ සෙයින්ම ප්‍රවේශම් විය යුතුයි. නිතර ක්‍ෂණික කේන්ති යෑම් සිදුවිය හැක. ජීවිතය පිළිබඳ කලකිරීම් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුයි. ආර්ථික අර්බුද පිළිබඳව ද වැඩි අවධානමක් යොමු කරන්න.

වෘශ්චික- තද ආවේගශීලී වේ. හොඳින් හෝ නරකින් තම අභිමතය ඉටුකර ගැනීමට වෙහෙසේ. අධික කාර්ය බහුල කාලයකි. ලේ ධාතුව සම්බන්ධ රෝග වලින් ප්‍රවේශම් වන්න. වැඩිහිටියන් සමග මත ගැටුම් ඇති වේ. කෙසේ හෝ තම අරමුණු ඉටුකර ගැනීමට වෙහෙසේ.

ධනු- පාද ආශ්‍රීත රෝගවලින් ප්‍රවේශම් වන්න. රැකියා අර්බුද උදා වේ. වැයවීම් බහුල කරයි. රහසිගත සබඳතා නිර්මාණය වේ. විදේශ ගත සබඳතා ද ශක්තිමත් කරයි. රිය අනතුරුවලින් ප්‍රවේශම් වන්න. ඇස් ආශ්‍රීත පීඩා උදාවිය හැක.

මකර- අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට පෙළඹේ. සමාජ සබඳතා ශක්තිමත් කරයි. කෙටි ගමන් බිමන් යෑමට හැකියාව ලැබේ. තාෂණික කටයුතුවලින් ජය අත් වේ. නව මිත්‍ර සබඳතා ගොඩ නැංවේ. තම ආර්ථිකය යහපත් වන කාලයකි. අතහැර තිබූ කටයුතු ද ආරම්භ කරයි.

කුම්භ- රැකියාවේ දියුණුව උරුමයි. නව තනතුරු තානාන්තර ලැබේ. ඉදිරි දියුණුව උදෙසා කටයුතු කරයි. ජීවිතයේ තව දියුණුවක් ලැබෙන කාලයකි. තම අවට වාසස්ථාන ආශ්‍රීත කටයුතුවලින්ද යහපත උදාකර ගත හැක. කෙටි හා දීර්ඝ ගමන් යෙදේ. තම බලය වැඩි වේ. නැතිවූ දෙය ලැබේ.

මීන- ආර්ථිකය ගැන සැලකිලිමත් විය යුතුයි. දේව භක්තිය මුල්වන ප්‍රජාවලට යොමු වේ. එවැනි ගමන් බිමන්ද යෙදේ. සියුම් සතුරු කරදර උදා වේ. ලැබුණු සැලකිලි අඩු වේ. නඩු හබ ආදියට නොබැසිය යුතු කාලයකි. බිරිඳ සමග හෝ ඥාතීන් සමග අවුලක් ඇතිවීමට පුළුවනි.

කෙසේ වෙතත් අඟහරුවාදා දින රාත්‍රි තල තෙල් පහන් 9 ක්, රතු කොඩි වැලක්, රතු මල් වට්ටියක්, බුදුන්ට පූජාකර එම පින කතරගම දෙවියන්ට අනුමෝදන් කරන්න.

සෙන්පති යුද පිටියට - ලග්න 4කට පංච මහා යෝගයක්!

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment