නැගී එන පක්ෂයක් කරටි කඩන් එයි

9484

ආණ්ඩුවට බුද්ධි වාර්තාවක්

විපක්ෂයේ නැගී එන දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ ඉහළම නිලධාරියකු ආණ්ඩුවට විශේෂ බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ. එකී වාර්තාව මගින් එම දේශපාලන පක්ෂයේ වර්ධනය සහ ජනප්‍රියත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ජාතික මැතිවරණයන්හිදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව ද සවිස්තරාත්මකව කරුණු වාර්තා කර ඇත.

එබැවින් එම ජනප්‍රියත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද එකී වර්තාවේ සඳහන් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම බුද්ධි වාර්තාව අනුව ආණ්ඩුව මේ වනතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඉහත කී ඉහළ බුද්ධි අංශ නිලධාරියා දැඩි කනස්සල්ලට පත්ව ඇති බව ද වාර්තා වේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment