Fb පැමිණිලි 31548 ක්

80

මුහුණු පොත (ෆේස් බුක්) සම්බන්ධයෙන් වන පැමිණිලි 2023 වර්ෂයේ තිස්එක්දහස් පන්සිය හතළිස් අටක් (31,548) ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා ‘දිවයින’ට ඊයේ (14 දා) පැවැසීය.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ෆේස් බුක් හරහා කාන්තාවන්ට සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් බවත්, එම පැමිණිලි සංඛ්‍යාව දසදහස් හත්සිය හැත්තෑ හතරක් (10,774) බවත් ඒ මහතා කීය.

එසේම 2023 වර්ෂයේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් සම්බන්ධයෙන් පැමිණිලි පන්දහස් එකසිය අසූඅටක් (5,188) ද, අනවසරයෙන් ෆේස් බුක් ගිණුම්වලට (හැක් කිරීම) ඇතුල්වීම සම්බන්ධයෙන් පැමිණිලි හත්දහස් හාරසිය අනූනවයක් (7499) ද, අන්තර්ජාල වංචා (රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම, තෑගි පාර්සලයක් ලැබී ඇති බව දන්වා එය ලබාගැනීමට මුදල් තැන්පත් කරන ලෙස කියා මුදල් වංචා කිරීම) සම්බන්ධයෙන් පැමිණිලි එක්දහස් හයසිය නවයක්ද (1609) ලැබී ඇතැයිද හෙතෙම කියා සිටියේය. මුහුණු පොත සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇත්තේ කොළඹ, කුරුණෑගල, ගම්පහ හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment