ටෙන්ඩර් නැතිවම කෝටි 12 1/2 ක තණකොළ හිටවලා

493

ගාලූමුවදොර පිටිය තණකොළ සිටුවා ‘ග‍්‍රීන් ගෝල්ෆේස්’ ලෙස සකස් කිරීමට වරාය අධිකාරිය රුපියල් කෝටි 12.5ක් වැයකර ඇතැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

තණකොළ සිටුවීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් හෝ සිදුකර නැති බවත්, එම සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන්

ගොරකානගේ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

තණකොළ සිටුවීමේ කටයුතු නාවික හමුදාව මගින් සිදුකර ඇත. නාවික හමුදාවට පැවරීම මගින් අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි නොසිතන නමුත් තණකොළ සිටුවීමට මෙපමණ මුදලක් වැය වී තිබීම ගැටලූවක් බවත් ඔහු සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment