ශ්වසන රෝග වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

59

ශ්වසන රෝගය වැලඳුණු දරුවන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට පැවැසීය.

දිනකට රෝහලේ බාහිර රෝගී අංශයට ශ්වසන රෝගය වැලඳුණු දරුවන් 900ත් 1600ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද හෙතෙම කීය.

ශ්වසන රෝගය උත්සන්න වීම හේතුවෙන් දරුවන් 200කට ආසන්න පිරිසක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද හෙතෙම සඳහන් කළේය.

මේ දිනවල දරුවන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් උණ රෝග තත්ත්වයන් පවතින බවද හේ සඳහන් කර සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment