පරාටේ නීතියට විපක්ෂ නායකගෙන් සංශෝධන 07ක්

24

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරාටේ නීතිය සංශෝධනය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංශෝධන 07ක් ඉදිරිපත් කරනු ලැබීය.

එම නීතිය සම්බන්ධ පනත සංශෝධනය සඳහා පැවැති විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පනතට සංශෝධන ඉදිරිපත් කරමින් අදහස් පළ කළේය.

ඒ අනුව මෙම පනත යටතේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීමේ පනත ක්‍රියාත්මක වීම 2026 දෙසැම්බර් 15 තෙක් අත්හිටුවිය යුතුයි. දැනට රු. මිලියන 5ක් ලෙස සඳහන්ව ඇති පරාටේ නීතිය රුපියල් මිලියන 20ට අඩු ණය මුදල් සම්බන්ධයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදිය යුතුය. ආරම්භක ලන්සුවක් නියම කිරීම අනිවාරය කිරීම හා ආරම්භක ලන්සුවකට වඩා අඩු මුදලකට වෙනත් පුද්ගලයෙකුට හෝ බැංකුවකට උකස් දේපල මිලදී ගැනීම තහනම් විය යුතුයි. උකස් දේපල පරාටේ නීතිය යටතේ විකිණීමෙන් පසු බැංකුවට අයවිය යුතු මුදල අයකර ඉතිරි මුදල දින 3ක කාලයක් තුළ ණයකරුට ලබා දිය යුතුයි. මුල් ණය මුදල රුපියල් මිලියන 100ට අඩු අවස්ථාවල දී පරාටේ ක්‍රියාවලියේ දී බැංකුවට අයවිය යුතු මුදල වශයෙන් මුල් ණය මුදලේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය සහ ඒ මත එකතුවී ඇති පොලියෙන් 75%ක ප්‍රමාණයක් පමණක් අය කරගැනීමට බැංකුවට ඉඩ ලබා දිය යුතුයි. මුල් පනතේ 19 වැනි වගන්තිය කපා හැරීම, අර්ථකථනයක් ඇති වගන්තිය, මුල් ලන්සුවට සම්බන්ධ නව අර්ථකථනයක් ඇති කිරීම. එයට හේතුව මුල් ලන්සුව තීරණය කිරීමේ දී ස්වාධීන තක්සේරුකරුවකු මඟින් දේපල තක්සේරු කළ යුතු බවට තීරණය කිරීම යන සංශෝධන හෙතෙම ඉදිරිපත් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment