භවතරණ සහ පියාඹන මූනිස්සම් ගැන සජීව කියන කතාව

241

දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වුණ භවතරණ සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙනවා. එහි රංගනයෙන් වගේම නිෂ්පාදනයෙන් දායක වුණු සජීව රාජපුත‍්‍ර සමඟ පුංචි කතාබහක නියැළුණා. මේ ඔහුගේ රංගන අත්දැකීම් ගැන අපිට කිව්ව කතාව.

ඔබ මීට කලකට ඉහතදී නිෂ්පාදනය කළ රංගනයෙන් දායකවුණු භවතරණ සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙනවා. කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

භවතරණ සහ පියාඹන මූනිස්සම් ගැන සජීව කියන කතාව

ප‍්‍රතිචාර නම් හොදයි. පොඩි කාලයක් ගියා මේ සිනමා නිර්මාණය අපිට තිරගත කරගන්න. යම් යම් පුංචි බාධක මැද්දේ වුණත් මේ වෙලාවේ භවතරණ තිරගත කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටක් තියෙනවා. කොරෝනා වසංගතය නිසාත් මේ සිනමා නිර්මාණය තිරගත කරන්න ප‍්‍රමාද වුණා. අද මේ සිනමා නිර්මාණය තිරගත වෙනකොට මම ඒ දිහා බලාගෙන ඉන්න කොට මටම පුදුමයි මමද ඒ ඉන්නේ කියලත්. ලොකු වෙනසක්.

භවතරණ චිත‍්‍රපටය නිෂ්පාදන කරලා සෑහෙන කාලයක් වෙනවා නේද?

ඔව්. අවුරුදු අටක් විතර වෙනවා.

ඇයි මේ චිත‍්‍රපටය මෙතරම් කාලයක් ප‍්‍රමාද කළේ?

යම් යම් හේතුකාරණා කිහිපයක් තිබුණා. විවිධ සම්මාන උළෙලවලට ඉදිරිපත් කරන්නත් සිද්ධවුණා. දිල්ලි ෆිල්ම් ෆෙස්ටිවල් එකේ මේක බෙස්ට් ෆිල්ම් ගත්තා. නමුත් මේ වසංගතයට කලින් තිරගත කරන්න සියල්ල සූදානම් කරලා තිබුණේ. ඊට පස්සේ තමයි වසංගතය පැමිණියේ ඒකෙන් තිරගත කිරීම තව අවුරුදු දෙකක් ප‍්‍රමාද වුණා.

භවතරණ සිනමා නිර්මාණයට ඔබ රංගනයෙන් පවා දායක වෙනවා නේද?

මම ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන ව්‍යාපාරිකයෙක්. මම කුංෆු කළා අවුරුදු එකොළහක්. බ්ලැක් බෙල්ට් එකේ පින්කි බෑන්ඞ් එක දක්වා ගියා. පස්සේ කොන්දේ අමාරුවක් ඇවිත් අවුරුදු හතක් විතර ප‍්‍රතිකාර ගත්තා. ඒ කාලේ තමයි මගේ තාත්තාව හමුවෙන්න දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්‍ෂවරයා ඇවිත් හිටියේ. ඒ වෙලාවේ මාව දැකලා තමයි පුලස්ති චරිතයට මට ආරාධනා කළේ. මොකද මට තිබුණ අපහසුතාවයටත් එක්ක කොණ්ඬේ රැුවුල එහෙම මම වවලයි හිටියේ.

දේවින්දගේ ආරාධනාව ඔබ භාරගන්නවද?

නැහැ. මම එකවර භාරගන්නේ නෑ. මට කොන්දේ අමාරුවට සැත්කමක් කරලා අවසන් වුණාට පස්සේ මට ඒ අමාරුව හො`දවුණා. භවතරණ චිත‍්‍රපටයේ නිර්මාණ කටයුතු සිදුකරලා. ඒ වෙනකොට පුලස්ති කියන චරිතයේ රූගත කිරීම් ඉතුරු කරලයි තිබුණේ. ඒ ගැන මමවත් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ ඔහු ඇහැව්වා මොකද කරන්නේ පුලස්තිගේ

චරිතය දැන්වත් කරමුද කියලා. ඊට පස්සේ මගේ අසනීප තත්ත්වයත් සුවවී ඇති නිසා ඒකේ සන්තෝසයත් එක්ක මම මේ නිර්මාණය භාර ගත්තා.

පුලස්තිගේ චරිතය ගැන මොකද හිතන්නේ?

පුලස්තිගේ චරිතය මට ලොකු අභියෝගයක් වුණා. මම රංගනයෙන් දායකවුණු පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍යයේ ශාක්‍ය බස්නායක ඇමැතිවරයාගේ චරිතයට රංගනයෙන් දායකවෙනවා. ශාක්‍ය සහ පුලස්ති හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. ශාක්‍ය බස්නායක කියන්නේ බලගතු චරිතයක්. පුලස්ති කියන්නේ තනිකඩ ජීවිතයක් ගතකරන වනජීවී ඡුායාරූපකරණයේ යෙදෙන චරිතයක්.

මම අසනීපව සිටි කාලයේ පුලස්තිගේ චරිතය ළඟින් යන දේවල් තමයි මටත් සිද්ධ වුණේ.

පියාඹන මූනිස්සම් ශාක්‍ය බස්නායක ඇමැතිවරයා මුණ ගැහෙන්නේ කොහොමද?

මගේ හිතවතෙක් කතා කරලා කිව්වා සිරස නාලිකාවේ විකාශනය වන පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍යයේ ශාක්‍ය කියන චරිතයට මාව ගැළපෙයි කියලා. අධ්‍යක්‍ෂ අනුරුද්ධ ජයසිංහ මාව හෙව්වා කියලා ඇත්තටම මට හරි සතුටුයි ඒ වගේ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක් මට ආරාධනා කිරීම ගැන. මම කාර්ය බහුල චරිතයක්. බිරි`ද තමයි මට ලොකු සහයෝගයක් ලබාදුන්නේ මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න.

දිගටම රංගනයේ යෙදෙන්න අදහසක් නැතිද?

දිගටම රංගනයේ යෙදෙන්න අදහසක් තියෙනවා. මම ව්‍යාපාරිකයෙක්. විනෝදාංශයක් විදිහට තමයි රංගනයේ යෙදෙන්නේ. රටවල් 26ක මගේ ව්‍යාපාර තියෙනවා. ඒ දෙවල් නිසා තමයි මට මේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්නේ.

භවතරණ සහ පියාඹන මූනිස්සම් ගැන සජීව කියන කතාව



වසංගතය අතරේ චිත‍්‍රපටය තිරගත කරලා මේ අභියෝග ජයගන්න පුළුවන් වේවි කියලා හිතනවාද?

ඔව්. මම හිතනවා පුළුවන් වේවි කියලා. මම ඒකේ ලොකු ගැටලූවක් දකින්නේ නැහැ. මම මේ චිත‍්‍රපටය තව කාලයක් තියාගන්න කැමැති නැහැ.

මම මේ චිත‍්‍රපටය හැදුවේ මේකෙන් හම්බකරන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි. සිනමාව ලෝකයට ගෙනියන්න තමයි මම චිත‍්‍රපටයක් හැදුවේ. භවතරණ චිත‍්‍රපටයට ලොකු වියදමක් ගියා.

මෙහි සියලූම ආදායම යොදවන්නේ නළු නිළියන්ගේ සුභ සාධනය වෙනුවෙන්. මේ චිත‍්‍රපටයේ ආදායමෙන් නළු නිළියන්ගේ පදනමක් හදනවා. ලංකාවේ සිනමාව වෙනුවෙන් මේ මුදල් වෙන් කරනවා. මුල ඉ`දන් මේ අදහස තිබුණා.

යළි චිත‍්‍රපටයක් නිෂ්පාදනය කරන්න අදහසක් තියෙනවාද?

අනිවාර්යයෙන්ම තියෙනවා. මම මේ නිර්මාණ දෙකට අමතරව නිදහසේ පියා චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයෙක් විදියට කටයුතු කළා. එහි සර් ජෝන් කොතලාවල චරිතයට මට රංගනයට පවා ආරාධනා ලැබිලා තිබුණේ. නමුත් මගේ කාර්ය බහුලත්වයත් සමඟ මම එයින් ඉවත්වුණා. ඉදිරියටත් රාජපුත‍්‍ර ප‍්‍රඩක්ෂන් නිෂ්පාදනය පැත්තෙන් ලංකාවේ සිනමාව වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ වේලාවේ ජපානයත් සමඟ එකතුවෙලා සකුරා කියලා චිත‍්‍රපටයක් කරන්න සූදානම් කරගෙන යනවා. ලස්සන ආදර කතාවක්. ගොඩක් වෙලාවට අධ්‍යක්‍ෂවරයා තවම තීරණය කරලා නැහැ. සමහර වෙලාවට මම වෙන්නත් පුළුවන්. මොකද දැනටත් පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍යයේ එකොළොස් වැනි කොටසේ සිට තිස්වැනි කොටස දක්වා ජපානයේ රූගත කළේ. සියල්ල සිදුකළේ මමයි.


දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment