පිරිමින් රවටන සනසන ගැහැනුන්ගේ ග්‍රහ පිහිටීම්

987

මිනිස් සමාජය තුළ ගැහැනියට හිමිවන්නේ අද්විතීය ස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැත. උසස් සමාජයෙන් හෝ ඉහළ පුද්ගලයකුගෙන් කිසියම් දෙයක් කර ගැන්මට ඇවැසි වූ විට පිරිමියෙකුට වඩා ගැහැනියකට පහසුවෙන් එය ඉටුකර ගත හැකි යැයි සමාජයේ පිළිගැනීමක් ඇත.

උතුම් මව් පදවියට සුදුසුකම් ලද ගැහැනිය, ලොව ‘උත්තරීතර වස්තුව’ ලෙස හැඳින්වුවහොත් එය වරදක් නොවේ. ගැහැනිය නැති ලොවක් ගැන සිතා ගැන්මට පවා අසීරුය. එමෙන්ම ගැහැනිය සංගීතය හා මීවිත ඇති තැන ‘වෙන ස්වර්ගයක් කුමටදැයි’ ඕමාර් කයි්‍යාම් විමසා ඇත්තේ ගැහැනිය නැති ලොව ‘අපායක්’ බව ඔහු අත්දැක ඇති බැවින් විය හැක. ඔහු පර්සියානු ජාතික ගණිතඥයකු මෙන්ම වාස්තු විද්‍යාඥයකුද වේ.

‘ගැහැණිය’ යනු මහා බඹුගේ විශ්මිත නිර්මාණයක් වන අතර ඊට සමකළ හැකි වෙනත් සුන්දර නිමැවුමක් මහබඹු අතින් ඊට පෙර හා පසුවද ලොවට දායාද වී නැති බව එකහෙළා පැවැසීමට පුළුවන. තම රූපයෙන්, කතා බහෙන්, ගමනින්, බිමනින් හා ඉඟි බිඟියෙන් ලෝකය වසඟ කරගත හැකි ගැහැනිය තම මුදු මොළොක් බව සෙනෙහසට පෙරළමින් පුරුෂයින් ආදරයෙන් හා රාගයෙන් මුසපත් කරවන්නට සමත් කම් දක්වන්නියකි.

මේ මහා විශ්වය තුළ ගැහැනිය ඉතා බලවත්ය. අධිරාජයන් පවා ඇයගේ රුව ඉදිරියේ දණින් වැටුණු බව ඉතිහාසයේ පවා සඳහන්ව ඇත. ඊට හොඳම නිදසුන රෝමයේ අධිරාජයා වූ ජුලියස් සීසර්ය. ඔහු මිසරයේ අග රැජිණ වූ රූමත් ‘ක්ලියෝපැට්රා’ ඉදිරියේ දණ නමා ඇගේ සුරත සිඹ ගත්තේ තමා අධිරාජ්‍යකු බවට මොහොතකට අමතක කර දමමිනි.

‘ගැහැනිය’ සුන්දරය. තවත් විටෙක ඇය බියකරුය. සෑම පියකරු රෝස මලක් සමග විෂ කටුද නිර්මාණය කර ඇත්තේ එය සනාථ කිරීමට විය යුතුය. ‘ගැහැනිය’ මහ මුහුදට සමාන කිරීමට සමහරුන් පුරුදුව ඇති අතර එය සත්‍යයක් යැයි විටෙක සිතෙනු ඇත. මහ මුහුද විටෙක සන්සුන්ය. එහෙත් හිටිහැටියේම එය චණ්ඩ ස්වභාවයක් උසුලයි. කොයි මොහොතේ එසේ සිදුවනවාදැයි කිසිවෙකුටත් කිව නොහැක. එසේ නම් එම උපමාවේ වරදක් නැත. මන්ද මහ මුහුද මෙන් ගැහැනිය ද විටින් විට නිසසල හා චණ්ඩ බවට පත්වන බැවිනි.

ලොවක් නළවන්නටත්, සනසවන්නටත්, හඬවන්නටත්, ගැහැනියට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. මිනිසෙකු දෙවියකු කිරීමටත්, යක්‍ෂයකු බවට පරිවර්තනය කිරීමටත් ගැහැනියකට එතරම් වේලාවක් ගත වන්නේ නැත. ඔවුන් සහජයෙන් ගෙනා මායම් හැටහතර යොදා ගනිමින් කෙළෙසින් හෝ තම අරමුණු ඉටුකර ගැන්මට දක්‍ෂ වෙති.

‘අවසර කල් රහස් තැන, ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන’ යනුවෙන් තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන් පවසා ඇත්තේ කට කහනවට නොවනු ඇත. උන්වහන්සේ කවියෙන් ප‍්‍රකාශ කර ඇත්තේ ගැහැනුන් විශ්වාස කළ නොහැකි බව නොවේද? එහෙත් ගැහැනුන් පමණක් නොව, පිරිමින් වුවද විශ්වාස කිරීමට නොහැකි බව රාහුල හිමියන් අද සිටියා නම් කියනු නිසැකය. මන්ද, වත්මන් සමාජයේ පිරිමින් වැඩි දෙනෙකු බොරු ආදර මවා පාමින් තරුණියන් හා ගැහැනුන් රවටා ඔවුන් අගතියට පත් කිරීමට උත්සාහ ගන්නා බැවිනි.

ස්තී‍්‍රන්ගේ ගති ගුණ ඉතා පුදුමාකාරය. ඔවුන් එකවර ද්විත්ව හා ති‍්‍රත්ව රංගනයන් හි යෙදීමට වැඩි කැමැත්තක් දක්වන බව සනාථ වී ඇත. ඒ බව සනාථ G. K. OJHA තම 1000 APHORISMS ON LOVE AND MARRIAGE යන තම මහඟු කෘතියෙන් ගැහැනියගේ ගති ගුණ, ග‍්‍රහයන්ගේ පිහිටීම හා දෘෂ්ටි ආදිය මත වෙනස් වන ආකාරය පෙන්වාදී තිබේ.

මේෂ, තුලා, වෘශ්චික සහ කුම්භ යන ලග්නයකින් උපත ලද කාන්තාව ලිංගික රසාස්වාදයට දැඩි ඇල්මක් හා ඊට වැඩි නැඹුරුවක් දක්වන බව එහි දක්වා ඇත. පුරුෂයන්ට කායික වින්දනය නොඅඩුව ලබාදෙන එවැනි ස්තී‍්‍රන්ට නිතැතින්ම පිරිපුන් අවයව පිහිටන බව කියා තිබේ. ඔවුන්ට ලිංගික ආශාවන් තදින්ම බලපාන අතර තරුණ වියට පා තබද්දීම වාගේ විවාහය සිදුවේ. සමහර විට විවාහයන් එකකට වඩා වුවද සිදුවීමට ඉඩ ඇති බව වැඩිදුරටත් පෙන්වාදී ඇත.

ශෘංගාරාත්මක රසයෙන් අනූනවූ ලේඛන හැකියාවක් සහජයෙන්ම උරුමකරගෙන උපත ලබන මෙවැන්නියන් තම කලා කුසලතා මගින් ලෝකය සනසා ලනු ඇත. එමෙන්ම ඇය විවාහය පිළිබඳව සිතනුයේද ධනාත්මකවය. ‘විවාහය’ යනු රෝසමල් යහනාවක් බව ඇය හිස් මුදුනින්ම පිළිගන්නා කාමිණියක බවද OJHA මහතාගේ ග‍්‍රන්ථයේ සඳහන් වේ.

සඳු හෙවත් චන්ද්‍ර, කුජ හා බුධ යන ග‍්‍රහයන් තිදෙනා, මේෂ, වෘෂභ, කටක හෝ කන්‍යා රාශියක, එකම භාවයකට හසුවන ලෙස සංයෝගව සිට ලග්න භාවයේ සිකුරු පිහිටා සිටීමෙන් ‘චර පුරුෂ’ සේවයට උචිත කාන්තාවන් බිහිකරවයි. ඇය තුළින් මායාකාරී අදහස් නිරතුරුව තැන තැනෙක අතර රහස් පරීක්‍ෂක කටයුතු සඳහාද දක්‍ෂතා දක්වනු ඇත. ඇයට තියුණු ඉවක් මෙන්ම තුන්වන ඇසක් ද (THIRD EYE) උපතින්ම පිහිටනු ඇත. ඒ සඳහා ඇයට පිහිටට එනුයේ ගැහැනුන් සතු හැටහතර මායමෙන් එකක් බව OJHA මහතා පවසා තිබේ.

එවැනි කාන්තාවන්ට ඕනෑම පුරුෂයකු දෙස, එකම එක් වරක් බැලීමෙන් පවා ඔහු කෙබඳු පුද්ගලයකුදැයි හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. ඇයට එම සුවිශේෂී වරම ලැබී ඇත්තේ ඉහත දක්වන ලද සඳු, කුජ හා බුධ ග‍්‍රහයන්ගෙන් නිර්මාණය වූ තී‍්‍ර ග‍්‍රහ සංයෝගයට පිං සිදුවන්නටය.

මෙවැනි අඟනන් පහසුවෙන් රැවටීමට පුරුෂයෙකුට නොහැකි අතර මොවුන්ට පිරිමින් වසඟවනුයේත්, රැවටෙන්නේත් මලක් වෙත ඇදෙන බඹරුන් විලසිනි. ඇත්ත වශයෙන්ම මෙවැනි ළඳුන් විනෝදය පිණිස පිරිමින් රවටන්නියන් වේ යැයි එම ග‍්‍රන්ථයේ තවදුරටත් සඳහන් වේ.

කලාත්මක ලෙසින් පිහිටන ලද අඟ පසඟත්, සිරුර ලෙළලවමින් යන සුන්දර ගමන් විලාසයත් උපතින් උරුම කරගත් මෙම කාන්තාවන්ට, පැහැපත්, ආකර්ෂණීය චවි කල්්‍යාණියක් මෙන්ම දැකුම්කළු වත මඬලක්ද පිහිටනු ඇත. විලාසිතා අනුගමනය කිරීමටත් විවිධ අභරණයන්ගෙන් සැරසීමටත් මොවුන් දක්වනුයේ නොමඳ ආශාවකි. එමෙන්ම හිත මිතුරන් හා එක්ව විනෝද සවාරි යෑමටද ඇය මහත් අභිරුචියක් දක්වන බව කියා ඇත.

ඉහත කී යෝගයෙන් උපන්න කාන්තාවන්ගෙන් දෙඅත් දෙපා දිගු වන අතර මුදු මොළොක් සිරුරකට වඩා ඝන මස් පිඩුවලින් යුත් සිරුරක් ඇති කෙරේ. පුළුල් උකුලක් හා දැඩිවූ උස් පයෝධර යුගලක් ලබාදෙන අතර මොවුන් කායික සංතර්පනයේදී දිගු වේලාවක් වින්දනය පතන්නන් වෙති. සුරතල් සතුන් ඇති කරමින් ඔවුන් හා විනෝදයෙන් කල් ගතව සිටීම ඔවුන්ගේ ප‍්‍රධාන විනෝදාංශය වේ යැයි කියා ඇත.

උපන් ලග්නය තුලාව වී අටවැන්න වූ වෘෂභයේ මෙම යෝගය නිර්මාණය වුවහොත් ඇත්ත වශයෙන්ම ඇගේ යුග දිවිය යුද පිටියක් වනු ඇතැයි කියා තිබේ. තම සහකරුගේ සෑම කි‍්‍රයාවක්ම ඇය තදින් විවේචනය කරන්නියක් වන අතර කිසිම විටෙක සැමියාගේ හොඳක් දකින්නේ නැත. එමෙන්ම ඇයට ලැබෙන සැමියාද තම බිරිඳ විවේචනයට ලක් කරන තාලේ අයෙකු වීම විශේෂත්වයකි. ඔහු සුළු අඩුපාඩුවක් වුවද බිරිඳගේ දුටුවහොත් එය මහා මෙරක්සේ හුවා දක්වන කට සැර පුද්ගලයකු වේ. එලෙස වූ විට ඔවුන්ගේ යුග දිවිය යුද පිටියක් වීම වැළැක්විය හැක්කේ කුමන දෙවියාටද?

මීනය ලග්නය වී හත්වැන්න වූ කන්‍යා රාශියේ ඉහත කී ග‍්‍රහ සංයෝගය යෙදුනු විට තමන්ට වඩා වයසින් අඩු පුද්ගලයකු සමග විවාහය සිදුවීමට ඉඩ ඇති බවත් කියා තිබේ. එය ඒකමතිකව දෙදෙනා ගන්නා තීරණයක් අනුව සිදුවන විවාහයකි. මෙවැනි යුවතියන් යොවුන් වියට එළඹෙන විටම වාගේ පෙම් සබඳතාවලට යොමුවන අතර කෙටි කලකින්ම හිතුවක්කාර ලෙසින්, අසාර්ථක විවාහයක් කර ගනු ඇත. ඇයගේ විවාහයට ‘කණ කොකා’ හඬනුයේ ඇයගේම වරදින් වන අතර ඊට ප‍්‍රධානතම හේතුව වන්නේ ‘තහනම් ගෙඩි’ කෑමට යොමුවීම නිසා යැයි J. K. OJHA තම ග‍්‍රන්ථයෙන් හෙළිකර ඇත.

පිරිමින් රවටන සනසන ගැහැනුන්ගේ ග්‍රහ පිහිටීම්

පාරම්පරික ජ්‍යොතිෂවේදී, කොටදෙණියාවේ
ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන
9/1, බෝමුගම්මන පාර, උළුකඬේ හන්දිය,
හොරගස්මුල්ල, දිවුලපිටිය.

advertistmentadvertistment
advertistmentadvertistment