වැට් බද්දෙන් සිමෙන්ති කොට්ටය රු. 350කින් ඉහළට

80

වැට් බදු සියයට 18කින් ඉහළ දැමීමත් සමග සිමෙන්ති මිල රුපියල් 150ත් 350ත් අතර මිලකින් ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පැවසීය.

මෙලෙස මිල ඉහළ දැමීමත් සමග ඇතැම් සිමෙන්ති සමාගම්වල කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2300 දක්වාද, තවත් සමාගමක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2450 දක්වාද ඉහළ දමා ඇත.

බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1980 හා 2300 ආදී මිල ගණන් යටතේ පැවතිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment