ගිනි අවිය සහ උණ්ඩ අතුරුදන්: ඇමැති ආරක්ෂක පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

346

ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයකු සතුව තිබූ රිවෝල්වරයක් සහ උණ්ඩ 26ක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැරයන්වරයාගේ සේවය අත්හිටවූ බව ඇමැති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මොහු පිටකොටුවේදී මෙම රිවෝල්වරය සහ උණ්ඩ බෑගයක තබා ඒ අසල වෙනත් රාජකාරියක යෙදී සිටියදී බෑගය අතුරුදන් වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එම අවස්ථාවේ පොලිස් සැරයන්වරයා බීමතින් සිටීම නිසා මෙම පිස්තෝලය සහ උණ්ඩ අතුරුදන් වී ඇති බව ඇමැති ආරක්ෂක අංශය කියයි.

මෙම උණ්ඩ සහ රිවෝල්වරය අඩංගු බෑගය සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සී. සී. ටී. වී. කැමරා පරීක්ෂාවට ලක් කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment