නන්දිකඩාල් කලපුවේ බෝට්ටු තරගයක්

252

හිටපු කොටි නායකයා ඝාතනයට ලක් වූ මුලතිව් නන්දිකඩාල් කලපුවේ සංවිධානය කළ බෝට්ටු තරගයකින් ජයගත් පිරිසට රුපියල් ලක්ෂ ගණනින් මුදල් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය 10 දා පියවර ගෙන තිබුණි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මුලතිව් වරප්පලෙයි කන්නගි මතුවන්දිල් සවාරි සංගමය විසින් මෙම බෝට්ටු තරගය සංවිධානය කොට තිබූ අතර එම තරගයට බෝට්ටුකරුවෝ 21ක් ඉදිරිපත් වී සිටියහ. ප්‍රථම වතාවට පැවැති මෙම බෝට්ටු තරගය සඳහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.ශිවමෝහන් මහතා අනුග්‍රහය දක්වා තිබූ අතර ඔහු එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ද විය. බෝට්ටු තරගයෙන් පළමු ස්ථානය දිනාගත් තරගකරුට රුපියල් ලක්ෂයක් දෙවැන්නාට පනස් දහසක් හා තුන් වැන්නාට රුපියල් විසි පන්දහසක් බැගින් ප්‍රදානය කළ අතර තවත් සැනසිලි තෑගි 10 ක් ද සංවිධායක මණ්ඩලය පිරිනමා තිබුණි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment