කඩදාසිත් නැතිව අගාධයට යද්දී  රජයේ මුද්‍රණාලය සූරාගෙන කන  නිලධාරීන් 24ක්

186

රජයේ මුද්‍රණාලයට කඩදාසි ලබාගැනීමේ බරපතළ මූල්‍යමය ගැටලූවක් තිබියදී එහි නිලධාරීන් 24 දෙනකු නිසි අවසරයකින් තොරව දීර්ඝ කාලයක සිට රුපියල් ලක්‍ෂ 10,09,08 බැගින් වැටුප් හා දීමනා ගන්නා බව රජයේ මුද්‍රණ සේවකයන්ගේ සංගමයේ ලේකම් සරත් ලාල් මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.

වසර ගණනාවක සිට සිදුකෙරෙන මෙම මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ද විමසීමක් කර ඇතත් එයට ද ප‍්‍රතිචාර නො දක්වමින් මෙම අක‍්‍රමිකතාව දිගට ම සිදු කරගෙන යන බව ඔහු කීය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කළ බවත්, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දැනුවත් කරමින් ලිපි යොමු කළ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡුාවක් ලබාදීමට ඇමැතිවරයා දිනයක් ලබාදෙන තෙක් සිටින බවත් ඔහු කීය.

ඇමැතිවරයා සමග සාකච්ඡුා කිරීමේ දී තමා සතුව තිබෙන විගණකාධිපති වාර්තා සහ මූල්‍ය අක‍්‍රමිකතා සිදුකළ වව්චර් පත‍්‍රවල පිටපත් ඉදිරිපත් කරන බව ද සරත් ලාල් මහතා කීය.

රජයේ උසස් නිලධාරීන් පවා ලක්‍ෂ එකහමාරත්, දෙකහමාරත් අතර වැටුප් හා දීමනා ලබාගනිද්දී මුද්‍රණාලයේ නිලධාරීන් 24දෙනකු විශාල ලෙස වැටුප් හා දීමනා ලබාගැනීමෙන් කෝටි ගණනක් මුද්‍රණාලයට අහිමිකර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment