මොරවැව ඇළේ වැටී සිටි අලියා මිය යයි

138

අසනීප තත්ත්වයක් හේතුවෙන් සති තුනකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ලබමින් මොරවැව ප‍්‍රදේශයේ ඇළක වැටී සිටි වල් අලියා පෙරේදා (21 දා) මිය ගොස් ඇතැයි ප‍්‍රදේශවාසීහු පැවසූහ.

කොඳුඇට පේළියේ යම් අබාධයක් ඇති බවට හෝ වෙඩි වැදීමකට ලක්ව ඇතැයි යැයි සැක කෙරුණු අඩි 9ක් පමණ උස 40 හැවිරිදි වියට පැමිණ ඇතැයි සිතිය හැකි දැවැන්ත පිරිමි අලියකු මෙසේ නැඟිට ගැනීමට නොහැකිව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටිය දී ගිරිතලේ පශුවෛද්‍ය නිලධාරීන් පැමිණ කීපවිටක් ම ප‍්‍රතිකාර ලබා දී ඇත.

අවසානයේ දී සතා ගේ පණ බේරා ගැනීමට ගම්වාසීන් වන ජීවී නිලධාරීන් ගේ උපදෙස් මත අලියා මියයන

තුරු ම විශාල වශයෙන් කෑම බීම ( පලතුරු වර්ග) ලබා දී ඌ ගොඩ ගැනීමට උත්සාහ කළත් ඉන් ඵලක් නො වීය.

සතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොටස් යවා ඇත. එහි ප‍්‍රතිඵල ලැබෙන තුරු මරණයට හේතුව ස්ථිරව ම කිව නොහැකි බවත් දැනට නිගමනය කළ හැක්කේ කොඳුඇට පේළිය දෙපසට බරපතළ හානි සිදුවී තිබූ බව පමණක් බවත් ගිරිතලේ පශුවෛද්‍ය නිලධාරි සමීර කළිඟුආරච්චි මහතා පැවසුවේය.

කන්තලේ ඩබ්. එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment