පාස්කු ප්‍රහාරය ගැන ගෝඨා රහසක් කියයි

8053


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසීයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය යුතුව තිබුණේ ප්‍රහාරය සිදුව පැය 24 ක් ඇතුළත මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ බී වාර්තාවක් ගොනු කිරීම වුව ද එවැනි පියවරක් ඔවුන් ගෙන නොතිබු බැවින් ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ පොලිස් මුලස්ථානයේ පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙකුට ලිපියක් ලීවිමට සිදු වු බවත් බෝම්බ ප්‍රහාරය පිළිබදව විජයදාස රාජපක්ෂ මහතා පැමිණිල්ලක් කළ බවට බී වාර්තාවක් මගින් මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර තිබුණේ ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව බවත්හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඔහු විසින් රචිත ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමැති කෘතියේය.එම කෘතියේ මෙසේ ද සදහන් වේ.

2023 සැප්තැම්බර් 22 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු විවාදයේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා 2016 දී ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයේ තර්ජනය ගැන මුල්වරට කථා කළ අවස්ථාවේ දී තමාගේම ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් තමාව විවේචනය කල ආකාරය සිහිපත් කර තිබුණි. ඔහු එම ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් තමාව විවේචනය කළ ආකාරය සිහිපත් කර තිබුණිග ඔහු එම ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයාව සිටියද 2016 නොවැම්බර් 18 වැනි දින ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් එම අදහස් පළ කළ දිනට පසු දින තවත් කැබ්නට් අමාත්‍යවරුන් අට දෙනෙකු සමග මාධ්‍ය හමුවක් පවත්වා කැබ්නට් ප්‍රකාශකවරයා ඔහුගේ ප්‍රකාශය බොරුවක් බව හෙළා දැක තිබේ.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පොලීසියේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය යුතුව තිබුණේ පැය 24 ක් ඇතුළත මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ බී වාර්තාවක් ගොනු කිරීමයග නමුත් එවැනි පියවරක් ඔවුන් ගෙන නැතග අවසානයේ විජයදාස රාජපක්ෂ මහතා මේ ගැන ඔවුන්ගේ අවධානය යොමු කරමින් පොලිස්පතිවරයාටල නීතිපතිවරයාටල සහ පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙකුට ලිපියක් ලිවීමෙන් පසු පාස්කු ඉරිදා මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ගැන පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ පැමිණිල්ලක් කළ බවට බී වාර්තාවක් මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ගොනු කර තිබුණේ ප්‍රහාරයෙන් සතියකට පමණ පසුවය. යනුවෙනි

advertistmentadvertistment
advertistmentadvertistment