නම මැකොට

130

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම ඊයේ (10 දා) කටයුතු කර ඇත.බැසිල් රාජපක්‍ෂ මහතා ඉවත් වීමෙන් පසු එම පුරප්පාඩුව සඳහා ධම්මික පෙරේරා මහතා පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ (10 දා) මැතිවරණ කොමිසමෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ධම්මික පෙරේරා මහතා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්‍ෂ මණ්ඩල තනතුරුවලින් ද ඉවත් වීමට ඊයේ (10 දා) තීරණය කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ධම්මික පෙරේරා මහතා පත් කිරීමෙන් පසු ඒ මහතාට ආයෝජනයට සම්බන්ධ ප්‍රබල ඇමැති ධුරයක් ලැබීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment