ලංවීමෙන් රට ගිහින් ඉංජිනේරු හිඟයක්

108

නිවාඩු දමා විදෙස් රැකියාවලට යෑමට ලබාදී තිබෙන ප්‍රතිශතය සියයට පහේ සිට සියයට දහය දක්වා වැඩි කිරීමට ලංවිම පාලනාධිකාරිය ගත් තීරණයක් මත විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු හිඟයක් මතුව තිබේ.

මණ්ඩලයේ සෙසු නිලධාරීන්ගෙන් සියයට පහක පිරිසකට නිවාඩු දමා විදේශගත වීමට ඉඩ ලබාදී තිබුණත් විදුලි ඉංජිනේරුවන්ට පමණක් සියයට දහයකට විදෙස්ගත වීමට අවස්ථාව හිමිකර දීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.

මේ අතර යාන්ත්‍රික, සිවිල් හා විදුලි ඉංජිනේරුවන් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් සපුරා ඇති අධිකාරිවරුන් දෙසීයක් පමණ විදුලිබල මණ්ඩලයේ සිටියදී බඳවා ගැනීම් පටිපාටිය උල්ලංඝනය කර ඉංජිනේරුවන් පිරිසක් බඳවා ගැනීමට ගත් උත්සාහයක් ද අභියාචනාධිකරණයේ නියෝගයක් මත නතර වී ඇත.

තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය මගින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ නඩුවකට ලැබුණු තීන්දුවලට අනුව නව බඳවාගැනීම් නතර වී ඇත.

රාජ්‍ය සේවකයන්ට නිවාඩු ගෙන විදෙස් රැකියා කිරීමට ලබාදෙන අවස්ථාවට අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන් සියයට පහකට එම අවස්ථාව ලබාදී තිබිණි. නමුත් විදුලි ඉංජිනේරුවන්ගෙන් සියයට දහයක ප්‍රතිශතයකට එම අවස්ථාව ලබාදීම නිසා ඉංජිනේරුවන්ගේ යම් හිඟයක් තිබෙන බවද එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට ඉංජිනේරුවන් දහනවදෙනකු හා විදුලිබල මණ්ඩලයට විදුලි යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරුවන් පිරිසක් බඳවා ගැනීමට තුන්වරක්ම උත්සාහ ගෙන ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment